අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වතාවට රටින් පිටත සිදුවූ අපරාධයක් පිළිබ`ද විමර්ශනයක් පසුගිය සතියේ ඇරඹීය. ඒ දකුණු කොරියානු රජයේ විශේෂ ඉල්ලීමක් පරිදිය. සිදුවී ඇත්තේ ශ‍්‍රී ලංකාවට බොහෝ සෙයින් අපකීර්තිමත් සිදුවීමක් මෙන්ම බරපතළ අපරාධයකි. එපමණක් නොව, එය වසර 20කට පෙර සිදුවී වසා තැබුණු ලිපිගොනුවක් තුළ සැ`ගව තිබූ බරපතළ අපරාධයකි. රටවල් දෙකක රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමට පවා යාමට තරම් මෙය බරපතළ අපරාධයකි. එය මෙරට තුළදී විද්‍යා දැරියට සිදුවූ අපරාධයම ය. වෙනසකට ඇත්තේ අපරාධකරුවන්ගේ සංඛ්‍යාව හා සිදුවූ තැන වෙනස් වීම පමණි. මෙතැන් සිට ඔබට කියවීමට සිදුවන්නේ සාහසික අපරාධයක් සිදුකොට නිදැල්ලේ ජීවත් වන ලාංකිකයන් තිදෙනකුගේ ම්ලේච්ඡු අපරාධයේ සුලමුල ය.

දිනය 1998 ඔක්තෝබර් 17 වැනිදා ය. එනම් තව දින 3කින් පසුව හරියටම වසර 20කට පෙරය. ෂියොන්ග්-යුන්-හී සුන්දර නව යොවුන් තරුණියකි. ඇයට ඒ වනවිට 18 වැනි විය සපිරුණා පමණි. ඇය විසුයේ දකුණු කොරියාවේ පිහිටි තේගු නගරයේය. ඇය එම නගරයේම පිහිටි කිම්යුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී වැඩි දවසක් ගත නොවී ය. සරසවියේ පැවැති චොඋසොක් නමින් හ`දුන්වන සරත් ඍතුවේ උත්සවයට ෂියොන්ග් ද සහභාගි වූවාය. නවකයන්ට අපූරු අත්දැකීමක් වූ මෙම උත්සවයේදී ඇති තරම් කා බී ප‍්‍රීති වුණු නව යොවුන් තරුණ තරුණියන්ට මත්වන තුරු ප‍්‍රීතිවීමට මෙහි අවස්ථාව තිබුණි. නවකයකු වූ ෂියොන්ග් ද ගෙදර යාමට සැරසුණා ය. සිය මිතුරු මිතුරියන්ට සමුදෙන විට ඇය හිටියේ වැනි වැනී ය. ඒ තරමට ඇය ද මත්පැන් ගෙන තිබුණු බව දැනගත් යහළු යෙහෙළියන් කීවේ ඇයට ‘පරෙස්සමෙන් ගෙදර යන’ ලෙසයි.

ෂියොන්ග් යන්නට ගියාය. ඇයගේ පියා වන ෂියොන්ග්-යුන්-ජෝ වෙත දුරකථන ඇමැතුමක් ලැබුණි. ඒ සිය දියණිය අනතුරකින් රෝහල්ගත කර ඇති බවයි. එය ඇසීමෙන් පියාට උන් හිටි තැන් අමතක විය. ඔහු වහා රෝහල වෙත ගියේ ය. ජෝ එහි යනවිටත් ඇය මියගොස් ය. කරුණු වාර්තා වන පරිදි ෂියොන්ග්ට නිවුන් සොයුරියක් වෙයි. ඇයට සිදුවූ දේ පිළිබ`ද දැනගන්නට ලැබුණි. නමුත් ඇය ගියේ රෝහලට නොවේ. ඇය ගියේ එවකට ගුමා අධිවේගී මාර්ගය ලෙස හැ`දින්වෙන වර්තමානයේ ෂුන්බු නවර්යුක් නමැති අධිවේගී මාර්ගය වෙත ය. ෂියොන්ගේ අනතුර වී ඇත්තේ එහි බව ඇයට දැනගන්නට ලැබුණි. අනතුර වී ඇත්තේ ටොන් 25ක පමණ කසළ ගෙන යන දැවැන්ත ට‍්‍රක් රථයක ෂියොන්ග් ගැටීමෙනි. එහෙත් ඇය අධිවේගී මාර්ගය තුළ ගැටී අනතුරක් වන්නට නම් එක්කෝ පයින් යා යුතු ය.

නැතිනම් ඇය අධිවේගී මාර්ගයට ඇදවැටිය යුතු ය. සොයුරිය මෙම ගැටලූව යහළුවන් පිරිසක් සමග සිතමින් සිටින විට ඔවුන්ට ෂියෝන්ගේ සිරුර හමුවූ තැන සිට මීටර් 30ක් පමණ දුරින් තිබී යට ඇ`දුමක් හා බ`ද පටියක් හමුවිය. මේ සියල්ල තිබුණේ ද අධිවේගී මාර්ගයේම ය. යට ඇ`දුම නිවුන් සොයුරිය හ`දුනා ගත්තාය. ඒ ඇයට හා ෂියොන්ට එම වර්ගයේ යටඇ`දුම් වර්ණ දෙකකින් තිබූ නිසාය. එහෙත් ඇයට සැකයක් තිබූ බැවින් ඇය ඒවා ද රැුගෙන රෝහලට ගියා ය. ෂියොන්ගේ මළසිරුර හ`දුනාගත් සොයුරිය ඇයගේ යට ඇ`දුම් ගැන සැලකිලිමත් වූ විට ෂියොන්ගේ සිරුරේ යට ඇ`දුම් තිබුණේ නැත. සොයුරිය ඒ බව රෝහල් බලධාරීන්ට පැවසූ පසුව ඔවුන් මහත් කම්පනයට පත්ව ”එහෙනම් මෙය අනතුරක් විතරක් වෙන්නට බැහැ” යනුවෙන් පැවසීය. ඉන්පසුව ෂියොන්ගේ යෝනි මාර්ගයේ තිබී ශුක‍්‍රාණු ද සොයා ගැනීමට හැකි විය.

මේ පිළිබ`ද තේගු පොලිසියට දැන්වුව ද පොලිස් නිලධාරීන් මෙය සැලකුවේ ‘නිකම් අනතුරකින් වුණු මරණයක්‘ ලෙසය. ඔවුන් වෙනත් කිසිවක් සැලකූයේ නැත. ෂියොන්ගේ පියා කළේ පසුදින අධිවේගයෙන් හමුවූ යට ඇ`දුම් ආදිය ද රැුගෙන පොලිසියට යාම ය. එහෙත් පොලිස් නිලධාරීන් පැවසුවේ ෂියොන්ග් බීමතින් සිටි වග තහවුරු වී ඇති බවය.

කෙසේ නමුත් ජෝගේ පෙරැුත්තය හමුවේ ඔවුන් යට ඇ`දුම අදාළ අංශ වෙත පරීක්ෂණ ස`දහා යොමුකළ අතර එහි තිබූ ශුක‍්‍රාණුවලින් ඞීඑන්ඒ නිස්සාරණය කරගත්තේ ය. ඇතැම් රටවල මෙන් දකුණු කොරියාවේ ද අපරාධකරුවන්ගේ ඞීඑන්ඒ ගබඩාවක් තිබේ. ෂියොන්ගේ පියා ජෝ දිගින් දිගටම පොලිස් නිලධාරීන්ට ඇවිටිලි කිරීම නිසා ඞීඑන්ඒ ගබඩාවේ ඞීඑන්ඒ හා සැස`දුව ද ඒවා කිසිදු අපරාධකරුවකුට සමාන නොවීය. එහෙත් ඞීඑන්ඒ අපරාධකරුවන්ගේ දත්ත ගබඩාව තුළ තැන්පත් කෙරිණි. පොලිස් නිලධාරීන් දිගින් දිගටම ජෝට කීවේ ‘ටිකක් ඉන්න’ කියායි. ෂියෝන්ගේ දේහය ද මිහිදන් කෙරිණි. පොලිස් පොතේ තිබුණේ අනතුරකින් සිදුවූ මරණයක් ගැන ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් ගැන නිලධාරීන්ට වගේ වගක් තිබුණේ නැත. ජෝ නිතර විමසූයේ දේහයේ හා යට ඇ`දුමේ තිබූ ඞීඑන්ඒ සමාන බව තහවුරු වී තිබියදීත් සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ මන්ද යන්නයි. පොලිසිය හරියට විමර්ශනය කළේ නම් ෂියොන්ග් මිහිදන් කිරීමට පෙරම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ බව ජෝගේ අදහස විය. එතරම්ම පවතින සාක්ෂි විද්‍යානුකූල ය. ප‍්‍රබල ය. එහෙත් පොලිසියට මෙය නිකම්ම අනතුරකි. ඒ මදිවාට පොලිසියේ තර්කය වූයේ යට ඇ`දුම ‘පරණ විලාසිතාවේ එකක් බැවින් එය ෂියොන්ගේ විය නොහැකි බවයි. එමෙන්ම යට ඇ`දුම නූල් මතුවන තරමට පැරණි බැවින් එවැන්නක් තරුණියක් භාවිත කරන්නේ නැති බවය.

කාලය ගෙවී ගියේ ය. එහෙත් ජෝ නිතර පොලිසියට ගියේ ය. මාධ්‍යයට කීවේ ය. මහපාරේ හිටගෙන තම දියණියට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා පුවරු එල්ලාගෙන දින ගණන් අව්වේ සිටියේ ය. වසර 10කුත් ඉක්ම ගියේය. එහෙත් ජෝ වයසට ගියේ දියණිය වෙනුවෙන් නීතියෙන් යුක්තිය ඉල්ලා සමාජය ඉදිරියේ තනිවම සටන් කරමින් ය.

2011 වසරේ දකුණු කොරියාවේදී විදේශිකයකු අත්අඩංගුවට ගත්තේ ය. ඔහු ශ‍්‍රී ලාංකිකයෙකි. 52 හැවිරිදි ඔහුට අපි කමල් යැයි කියමු. කමල් දකුණු කොරියාවට ගොස් 2002 වසරේදී එරට කාන්තාවක හා විවාහ වී එහි ග්‍රොසරියක් පවත්වාගෙන ගිය අයෙකි. ඔහුට එල්ල වී තිබූ චෝදනාව වූයේ ඊට පෙර වසරේදී බාලවයස්කාර තරුණියක් ගණිකා සේවයේ යොදවා ගැනීම, ලිංගික අ`ඩන්තේට්ටම් කිරීම යන චෝදනා ය. අත්අඩංගුවට ගෙන විමර්ශනයේදී හෙළිවූයේ කමල් 2008 හා 2009 කාලයේදී රියැදුරු බලපත් නොමැතිව රිය පැදවීමේ චෝදනාවට පොලිසියට අවශ්‍යව සිටි අයකු බව ය. එම වැරදි ස`දහා කමල්ට එරට අධිකරණයකින් දකුණු කොරියානු වොන් 3000ක දඩ මුදලක් හා වසර 3ක බරපතළ වැඩ ඇතිව සිර ද`ඩුවම මාස 18කින් ගෙවී යන පරිදි ද`ඩුවම් නියම කෙරිණි.

2013 වසරේ දී ෂියොන්ගේ මරණය පිළිබ`ද ලිපිගොනුව පොලිසිය විසින් යළි විවෘත කළේ විශේෂ හෙළිදරව්වීමක් නිසා ය. ඒ කමල්ගේ ඞීඑන්ඒ හා ෂියොන්ගේ යට ඇ`දුම් හා සිරුරේ තිබී හමුවූ ඞීඑන්ඒවලට සැසෙ`දන බවට වූ අනාවරණයත් සමග ය. මේ බව හෙළිවීමෙන් පසුව අධිකරණය හමුවට අලූත් ලිපිගොනුවක් සමගින් ෂියොන්ගේ මරණය පිළිබ`ද නඩුව විභාග විය. එහිදී ෂියොන්ග් සමූහ ¥ෂණයට ලක්ව ඇති බවත් ඉන්පසුව අධිවේගයේ කසළ ට‍්‍රක් රථය වෙත අඩි 100ක් පමණ දුරින් සිට තල්ලූ කළ බවත් හෙළිවන්නට විය. ට‍්‍රක් රථයේ ගැටෙන්නට පෙර ෂියොන්ග් බරපතළ ලෙස සමූහ ¥ෂණයට ලක්වීම නිසා ඇයගේ සිහි විසඥව තිබූ බව ද හෙළිවිය. එමෙන්ම කමල් මෙම අපරාධය කර තිබුණේ තවත් ලාංකිකයන් දෙදෙනකු සමගයි. එම ලාංකිකයන් දෙදෙනා හා කමල් දකුණු කොරියාවේ රැුකියාවට ගොස් තිබුණේ කාර්මික අභ්‍යාසලාභීන් ලෙසයි. වීසා කාලය අවසන් වීම නිසා සෙසු ලාංකිකයන්  දෙදෙනා 2001 හා 2005 වසරේදී එරටින් නෙරපීමෙන් පසුව ලංකාවට පැමිණ තිබේ. කමල් ෂියොන් ¥ෂණයට හා ඝාතනයට ඍජු සම්බන්ධකරුවකු බැවින් ඔහුට ද`ඩුවම් දීමට විනිසුරුවරයාගෙන් ඉඩක් ලැබුණේ නැත. ඒ වෙනුවට විනිසුරුවරයා කී දෙයින් ෂියොන්ගේ පියා පවුලේ අය හා ඥාතීන්, මිතුරන් සසල වී ගියේ ය. එනම් දකුණු කොරියාව තුළ ¥ෂණයක් සිදුකොට ඝාතනය කිරීමේ අපරාධයක් සදහා නඩු පැවරීම සිද්ධිය වීමෙන් වසර 10ක් තුළ කළ යුතු බවට වන නීතිය ය.

කෙතරම් සාක්ෂි තිබුණ ද කමල්ට ෂියොන්ග් වෙනුවෙන් ද`ඩුවම් දීමට හැකිව තිබූ කාලය ඉක්ම ගොස් තිබුණි. ඒ නිසාම අධිකරණය හමුවේ කමල් ෂියොන්ගේ ඝාතනයට දඩුවම් නොලැබ වහා මෙරටට නෙරපීමට අධිකරණය නියෝග කළේය. මෙම නියෝගයෙන් පසුව කමල් පෙර ද`ඩුවම අවසන් වී නිදහස් වුවද රට තුළ මහජන විරෝධය මතුවීම වැළැක්වීමට එරට රජයට නොහැකි විය.

අනතුරුව කමල් ලංකාවට පැමිණියේ ය. කමල් මෙන්ම සමූහ ¥ෂණය කළ සෙසු අපරාධකරුවන් දෙදෙනා ද  තවමත් ලංකාව තුළ නිදැල්ලේ ජීවත් වෙති. මහජන විරෝධය හමුවේ යළි විමර්ශන පිළිබ`ද අවධානය යොමුකළ පොලිස් නිලධාරීන් කමල්ට කෙසේ හෝ යළි නීතියෙන් ද`ඩුවම් පැමිණවිය හැකි විධියක් සෙවීය. ෂියොන්ගේ මිතුරු මිතුරියන්ගෙන් සාක්ෂිවලින් පොටක් පෑදිණි. ඒවායෙහි සටහන්ව තිබුණේ ෂියොන්ග් ඝාතනය කර තිබූ අවස්ථාවේ ඇයගේ බෑගයෙන් මුදල්, පොත්පත් 3ක් හා විශ්වවිද්‍යාල හැ`දුනුම්පත සොරාගෙන තිබූ බවය. මේ ඔස්සේ දකුණු කොරියානු පොලිසිය කළේ නීතිය විමසීමය. සොරකම් කොට ¥ෂණයට ලක්කිරීමේ අපරාධයට නඩු පැවරීමේ කාලය එරට තුළ වසර 15ක් ලෙස පැවැතිණ. විමර්ශකයන් බේරී තිබුණේ අනූනවයෙනි. සිද්ධිය වී වසර 15ක් අවසන් වීමට හරියටම මාසයකට පෙර විමර්ශකයන් කමල් හා සෙසු අපරාධකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීය. එහෙත් ඒ වනවිටත් අපරාධකරුවන් තිදෙනාම එරටින් නෙරපා ලංකාවට පැමිණ තිබිණි.

මේ අතරතුර පසුගිය වසරේදී දකුණු කොරියානු රජය විසින් මෙරට රජයට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් මේ පිළිබ`ද දැනුවත් කර තිබුණි. ඒ ෂියොන්ගේ පියා ජෝගේ අප‍්‍රතිහත ධෛර්යයේ ප‍්‍රතිඵලයක් ලෙස ය. එය එතැනින් නොනැවතී ඔහු වෙහෙස විය. පසුව දකුණු කොරියාවේ විශේෂ ¥ත පිරිසක් පසුගිය මැයි මාසයේදී ද ලංකාවට පැමිණියේ ය. ඔවුන් අධිකරණ අමාත්‍යාංශය, නීතිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හමුවී මේ පිළිබ`ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡුා කළේය. ඉන් අනතුරුව මෙරට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දකුණු කොරියාව බලා පිටත් වූයේ විමර්ශනයේ මූලික කටයුතු සිදුකිරීමට ය. එහිදී අනතුර සිදුවූ ස්ථානය පවා සියල්ල දැක බලා සාක්ෂි ලබාගැනීමට මෙරට රහස් පොලිස් නිලධාරීන් කටයුතු කළේය. රහස් පොලිස් නිලධාරීන් ලංකාවට පැමිණ විමර්ශනයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය 01 වැනිදා ය. කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වාර්තාව සලකා බැලූ විනිසුරුවරයා තීන්දු කළේ රටින් පිටත සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් මෙරට අධිකරණයට අවශ්‍ය නීති පහසුකම් පවතින බවය. ඊට අවශ්‍ය නීති ප‍්‍රතිපාදන සැලසී තිබුණේ අධිකරණ සංවිධාන පනතේ 9 වැනි වගන්තියේ දක්වා ඇති ප‍්‍රතිපාදන ප‍්‍රකාරව ය. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙරට රහස් පොලිස් නිලධාරීන් දැන් විමර්ශනය සිදුකරගෙන යයි. දකුණු කොරියාවේ සමූහ ¥ෂණයක් කොට, ඝාතනයක් සිදුකර මෙහි පැමිණ නිදැල්ලේ සිටින කමල් සහ සගයන් දෙදෙනා නොබෝ දිනකදී රහස් පොලිසියට හසුවනු ඇත.

සමූහ ¥ෂණය හෝ ඝාතනය සිදුවූ ආකාරය පිළිබ`ද තවමත් පැටලිලි සහගත වුවද අධිකරණමය මට්ටමින් දැන් එය හෙළිවී හමාරය. මොවුන් ලංකාවට පැමිණ මෙවැනි වැරදි නොකර සිටින්නට ඇත්දැයි අපට සිතිය නොහැකි ය. රටින් පිටතට ගොස් රට ගැන සිතිය නොහැකි වුන් රට තුළ දී කතුන් කී දෙනකු ගොදුරු කරගෙන ඇත්දැයි හෙළිවනු ඇත. මේ තරම් සාහසික අපරාධවලට පෙලඹීමට තරම් මොවුන් යක්ෂයින් වූයේ කෙසේද?

අහිංසක තරුණියකගේ ජීවිතය බිලිගෙන වසර 20ක් පුරා අසරණ පියෙක්, මවක්, ඥාතීන් යුක්තිය ඉල්ලා හෙම්බත් කළ එරට නිලධාරීන්ගේ වැරදි මෙරට තුළ දී නිවැරදි කරමින් මොවුන්ට නීතියේ උපරිම ද`ඩුවම් ලබාදෙනු ඇතැයි අපගේ අධිකරණය පිළිබ`ද අපට විශ්වාසයක් ඇත.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Untitled-7 Untitled-8