අපේ ගෘහණියන් බොහෝ දෙනෙක් ඉතා  ඕනෑකමින් උයන එළවළුවක් තමයි එළබටු කියන්නේ. එදිනෙදා ආහාරවේල රසවත් කරන හොඳ එළවළුවක් ලෙස ප‍්‍රචලිත එළබටු අපේ සාම්ප‍්‍රදායික ආහාර රටාවේ භාවිත කරන හොඳ දේශීය එළවළුවක්.

ශ‍්‍රී ලංකාවේ ගත්තොත් තිස්සමහාරාමය, හම්බන්තොට, අනුරාධපුරය වැනි පහත රට වියළි කලාපීය ප‍්‍රදේශවල හේන් වගාවක් ලෙස වගා කරන එළ බටු ප‍්‍රභේද 3ක් පවතිනවා. එනම් කොළ පැහැති එළ බටු , දම් පැහැති එළ බටු සහ සුදු පැහැති එළ බටු කියන වර්ග තුන.

එළ බටු ප‍්‍රභේද තුන අතරින් වඩාත්ම ගුණදායක වර්ගය තමයි සුදු පැහැති එළ බටු වර්ගය. අපේ ඉපැරණි ග‍්‍රන්ථවල සඳහන් වෙනවා රසවත් එළවළුවක් වන එළ බටු ගුණවත් ඖෂධයක් කියලා. ඒ අනුව අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව එළ බටු කියන්නේ රෝග රාශියකට ගුණය සලසන ඉතා වටිනා අද්විතීය ඖෂධයක්.

ගෙඩි එළවලූ අතර වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් අන්තර්ගත වනුයේ එළබටුවලය. විශේෂයෙන්ම ශ්වසන පද්ධතියේ සෙම රැුස්වීමෙන් ඇති වෙන රෝග සමනය කිරීමට එළබටුවල ඇති ඖෂධීය ගුණය බෙහෙවින් උපකාරී වේ. එමෙන්ම එළබටු කොළ කැඳ සෙම් රෝග ස`දහා ඉතාමත් අගනා ඔසුවක් බව ආයුරුවේදයේ ස`දහන් වෙනවා. සිංහල ආයුර්වේදයේ ස`දහන් වන පරිදි එළබටු වර්ග අතරින් වැඩිපුරම ඖෂධීය ගුණය ඇති මෙන්ම නියම එළබටු සුදු පැහැ වටකුරු ප‍්‍රභේදයයි. මෙය කොළ පැහැ ඉරි සහිත තලනබටු ගසට බෙහෙවින් සමාන වේ.

ලංකාවේ වියළි කලාපයේ පහසුවෙන් වැවෙන මෙය හේන් වගාවේ දී වඩාත් ප‍්‍රචලිතයි . එමෙන්ම පාරවල් දෙපස සහ මුඩු බිම්වල ඉබේ වැවෙන ශාකයකි. එළබටු ශාකයේ සියලූම කොටස් ඖෂධ පිණිස භාවිත කරයි. මෙහි ගෙඩි කුඩා, මහත, දිගැටි සහ වටකුරු ආදී හැඩ අනුව වර්ග කීපයකින් සමන්විතය. එසේ වර්ග කීපයක් වුවත් ඒ සියල්ලම එකම ගුණයකින් සමන්විතය. එළබටුවලින් රසවත් ව්‍යාංජන සෑදීමට හැකිය.

එළබටු, තළනබටු අපි හැමදාම උයන්නේ එක්කෝ කිරට හින්දලා, නැතිනම් උම්බලකඩ එහෙම දාලා තෙලෙන් තම්බලානේ. නමුත් අද අපි  කියා දෙන්න යන්නේ වෙනස්ම ආකාරයකට එළබටු, තළනබටු හදන විදිහ. හැමදාම කන විදිහට නැතුව මෙන්න මේ විදිහටත් හදලා බලන්න. මේ රසම රස තලනබටු මෝජුවක්.. මේක හදා ගන්නත් පහසුයි ඒවගේම රසයත් ඉහළයි.

අවශ්‍ය ද්‍රව්‍ය

එළබටු නොහොත් තළනබටු
චට්නි (කැමති වර්ගයක් ගන්න. අපි  ගත්තේ ඇඹරැුල්ලා චට්නි*
හාල්මැස්සෝ (වියළි*
විනාකිරිවලින් අඹරා ගත් අබ
කහ කුඩු
මිරිස් කුඩු
ලූණු අවශ්‍ය පමණ
විනාකිරි
චොප් කරගත් ඉ`ගුරු
චොප් කර ගත් සුදු ලූනු
සීනි ස්වල්පයක්
කපා ගත් ලූනු සහ මිරිස්
රම්පෙ සහ කරපිංචා (මම ගත්තේ සේර*
කුරු`දු පොතු කැබැල්ලක්
උළුහාල් ඇට කීපයක්
තෙල් (බටු සහ හාල්මැස්සෝ බැදීමට*

 සාදන ක‍්‍රමය

1. පළමුව තළනබටු තළා ගන්න.  පසුව එහි ඇට ඉවත් කර කහ සහ ලූණු අතගා ගන්න.
2. තළනබටු ටික ගැඹුරු තෙලේ බැදගන්න.
3. වියළි හාල්මැස්සොත් ගැඹුරු තෙලේ බැදගන්න.
4. භාජනයක් ගෙන (මැටි බාජනයක් නම් වඩාත් සුදුසුයි* එයට විනාකිරි, චට්නි, අබ, කුරු`දු පොතු , රම්පෙ, කරපිංචා කහ කුඩු, මිරිස් කුඩු, ලූණු, සීනි, ඉ`ගුරු, සුදු ලූනු ඉහත ස`දහන් සියල්ලම දමා ගන්න.
5. මෙය ළිප තබා හො`දින් උතුරන විට රස බලා ලූණු මදි නම් ලූණු දමා ගන්න. පසුව එයටම බැදගත් එළබටු සහ හාල්මැස්සෝ දමා හො`දින් කලවම් කර ගන්න. ළිපේ ගින්දර අඩුම කර විනාකිරි මිශ‍්‍රණය හිෙ`දන තුරු කලවම් කරමින් උයා ගන්න.
6. මේ එළබටු මෝජුව හරිම රසයි ඇඹුල් රසයත්, මිරිස් රසයත්, පැණි රසත් එකට කැටිව රසම රස එළබටු මෝජුවක් තමයි මේ කියලා දුන්නේ හදා ගන්න. හැමදාම උයන ක‍්‍රමයට වඩා වෙනස් වෙනස් අත්හදා බැලීම් කරන්න කැමති අය හදලා බලන්න.