ශ‍්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ රියැලිටි ටෙලිවිෂන් පරිච්ෙඡ්දය මහා නැවුම් පෙරළියකට ලක් කළ එකම රියැලිටි වැඩසටහනයි හිරු මෙගා ස්ටාර්ස් – 02 වැඩසටහන. සජීවී පේ‍්‍රක්ෂකාගාරයක් ඉදිරියේ ශ‍්‍රී ලාංකීය ටෙලිවිෂනය තුළ ප‍්‍රසාංගික හරඹ පෑ සති අග රස බෙදමින් ජනතාව අතරට ගිය එකම වැඩසටහනද හිරු මෙගා ස්ටාර්ස් – 02 වැඩසටහන. විශේෂයෙන්ම හිරු මෙගා ස්ටාර් 2 වැඩසටහන මෙතෙක් ලංකාවේ බිහිවූ අති දැවැන්තම රියැලිටි වැඩසටහනයි. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතාගේ සංකල්පයක් මත බිහිවූ මෙම වැඩසටහනට  ලාංකීය ජනප‍්‍රිය තරු 100කට ආසන පිරිසකගේ සහභාගීත්වය ලැබුණි. පුරා මාස 7කට ආසන්න කාලයක් ලාංකීය පේ‍්‍රක්ෂකයන්ගේ රසික හදවත් ස්පර්ශ කළ මෙගා ස්ටාර් 2 වැඩසටහනේ අවසාන මහා තරගය අති උත්කර්ෂවත් ලෙස ඔක්තෝම්බර් මස 7 වන දින රාත‍්‍රී 07.30 සිට සජීවීව පැවැත්වේ.

මෙම වැඩසටහන් මාලාව පුරා සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා රාත‍්‍රියේදී ජනප‍්‍රිය තරු යුවල දෙකක් අවසන් මහා තරගය දක්වා තරගවැදි  අතර ජයග‍්‍රාහි කණ්ඩායම සදහා සෑම සති අන්තයකම  ලක්ෂ දෙකක මුදලක් ලබාදුන් එකම වැඩසටහන ද හිරු පැට්ිඒරි වෙනවා. අවසාන මහා තරගය සඳහා කණ්ඩායම් සුපිරි තරු යුගලයන් 5ක් තියුණු අවසාන පූර්ව තරවලින් පසුව සුදුසුකම් ලබා ඇත. මේනකා සමග  රනිල්, අනුජ් සමග දුෂෙනි, කාවිංග සමග තාරුකා, නුවන් සමග ෂෙහානි, නිලංග සමග රිතු. නර්ථන හා ගායනය යන වට දෙකකින් සමන්විත මේ අවසාන නගරයේ ලංකාවේ විකට රජුන් දෙපළ වන බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ සහ යුරේනි මෙහයවිමෙන් සුවිශේෂී අත්දැකීමක් පේ‍්‍රක්ෂකයින් වෙත හිමිවෙනු ඇත. උත්කර්ෂවත්ව පවත්වන අවසන් මහා තරගයේදී ආරාධිත කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් නැටුම්, ගැයුම්, වැයුම්, රැුඟුම් සමගින් සැණකෙළි රැුයක සිරි උතුරවමින් පේ‍්‍රක්ෂක ඔබට ගෙන එන්නට සියලූ කටයුතු සූදානම් කර තිබෙන අතරම ඇති ජයග‍්‍රාහී කණ්ඩායම වෙනුවෙන් වටිනා ත්‍යාග රැුසක් ලබා දෙන්නට සුදානම් කොට තිබෙනවා.

නිල්මා තේනුවර

Untitled-7 Untitled-8 Untitled-9 Untitled-10 Untitled-11 Untitled-12 Untitled-13 Untitled-14 Untitled-15