අර්බාස් ඛාන්ට නැවතත් මංගල සීනු

බොලිවුඩයේ සුපිරි නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම නළුවෙක්ද වන අර්බාස් ඛාන් ගැනයි මේ ආරංචිය. අර්බාස් – මලායිකා විවාහය දෙදරා ගොස් මේ වන විට වසරකටත් ආසන්නයි. ඔවුන් වසර විස්සක විවාහ දිවියෙන් නීත්‍යානුකූලව වෙන්වුණෙ 2017 වසරේ මැයි මාසයේ.

දික්කසාදයෙන් වසරක් යද්දීම පනස් දෙහැවිරිදි අර්බාස් නැවතත් විවාහ වෙන්නට යන බවයි ආරංචිය. ඔහුත් ඔහුගේ පෙම්වතිය වන  විසි දෙහැවිරිදි ඨැදරටැ් ්බාරස්බස සමග සංචාරවල නිරත වනු මාධ්‍යවේදීන්ගේ ඇස ගැටුණා. කෙසේ නමුත් මේ ආදර අන්දරය පිළිබ`දව මේ වන තුරුත් ඔවුන් දෙදෙනා නම් මාධ්‍යට විවෘතව අදහස් පළකර නැහැ. නමුත් තතු දත් ආරංචි මාර්ගවලින් කියැවෙන්නෙ ඔවුන් දෙපළගේ විවාහය ඛාන් පවුලේ ආශිර්වාදය මැද ලබන වසරේ සිදුවන බවයි.

කෙසේ නමුත් මේ පිළිබ`දව කළ විමසීමකදී මලායිකා, මාධ්‍ය වෙනුවෙන් අදහස් ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්ෂේප කළා. අර්බාස්ගේ පළමු විවාහයේ 16 හැවිරිදි දරුවා මේ වන විට සිටින්නේ මලායිකා සමගයි. අර්බාස් ගේ මීළ`ග චිත‍්‍රපටය වන ෘ්ඉ්බට 3 හි ආරාධිත රංගනයක් වෙනුවෙන් මලායිකාට ආරාධනා කර තිබුණත් ඈ එය ප‍්‍රතික්ෂේප කළ බවයි වාර්තා වෙන්නේ.

Untitled-4
Namaste London දෙවැනි කොටස ඔක්තෝබරයේ

මීට වසර 10 කට පෙර 2007 වසරේදී තිරගත වූ, ආක්ෂේ කුමාර් සහ කැත‍්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වූ භ්ප්ිඑැ ඛදබාදබ චිත‍්‍රපටය ඔබට මතක ඇති. ඔන්න වසර දහයකට පසුව එහි දෙවැනි කොටස තිරගත කිරීමට සියල්ල සුදානම්. මේ චිත‍්‍රපටයේත් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ඪසචමක ීය්ය.

නමුත් මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ අර්ජුන් කපූර් සමගින් පරිනිතී චෝප‍්‍රා. විවාහ දිවියේ නිදහස සොයා එංගලන්තයට යන නව යුවළක් වටා ගෙතුණු මේ කතාවත් පළමු චිත‍්‍රපටය තරම්ම ජනප‍්‍රිය වනු ඇති බව තමයි විචාරකයන් නම් පවසන්නේ.

එක දිගටම අසාර්ථක නිර්මාණ කිහිපයකටම දායක වී පේ‍්‍රක්ෂක ජනප‍්‍රියත්වය ගිලිහෙමින් සිටිය අර්ජුන් මෙම චිත‍්‍රපටය පිළිබ`දව දැඩි බලාපොරොත්තු තබා සිටිනවා. එසේම පරිනිතී චෝප‍්‍රා ඨදකප්්ක චිත‍්‍රපටයෙන් ලබාගත් ජනප‍්‍රියත්වය රැුකගැනීමටත් මෙම චිත‍්‍රපටයේ සාර්ථකත්වය වැදගත් වේවි. ඒ අනුව මෙම චිත‍්‍රපටය නළු නිළි යුවළකගේ අනාගතය තීරණය කරන තීරණාත්මක සිනමාපටයක් වන බව නම් නියතයි. භ්ප්ිඑැ ෑබටක්බා චිත‍්‍රපටය ලබන ඔක්තෝබර් 19 වැනිදා තිරගත වීමට මේ වන විට සියලූම කටයුතු සූදානම්.

චරිත් මොරගොඩ
Untitled-5