ඇන්ජලීනා ජොලී සහ බ‍්‍රැඞ් පිට් විවාහයට නීතියෙන් තිත තැබුණේ පසුගිය 2016 වසරේ සැප්තැම්බරයේ. විවාහය දෙදරා යාමත් සමග 43 හැවිරිදි ඇන්ජලීනා සිය දරුවන්ගේ අයිතිය නීත්‍යානුකූලව අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පසුගිය අගෝස්තුවේ දරුවන් සයදෙනා තාවකාලිකව ඇයගේ ආරක්ෂාව යටතේ තබන්නට අධිකරණය තීරණය කළා. මේ පසුගිය දිනෙක එක්තරා ස`ගරාවක් විසින් ඇන්ජලීනා සහ ඇගේ වැඩිමහල් පුතු මැඩොක්ස් ජොලී පිට් සමග පැවත්වූ සම්මුඛ සාකච්ඡුාවක උපුටා ගැනීමකි.

2002 වසරේදී ඇන්ජලීනා විසින්  මැඩොක්ස් ඇමෙරිකාවට ගෙන එන්නේ කාම්බෝජයේ අනාථ නිවාසයක සිටයි. එදා සිට මේ දක්වා ඈ, මැඩොක්ස් තම කුසෙන් උපන් දරුවකු සේම ආදරයෙන් රැුක බලා ගන්නවා.

2017 වසරේදී මැඩොක්ස් විසින් නිෂ්පාදනය කළ First They Kill My Father චිත‍්‍රපටය තිරගත වනවා. ඊට සිය මවත් රංගනයෙන් දායක වීම විශේෂත්වයක්.

වයස අවුරුදු 16 දී ඔබ විධායක නිෂ්පාදකවරයෙක්. කොහොමද දැනෙන්නේ?
ඇත්තටම මට වුවමනා වුණේ මගේ මවට උදව් කරන්නයි. මට අපහසු කාලවලදී ඈ මට උදව් කළා වගේම ඇගේ නරක කාලයේදී මට ඈට උදව් කරන්න වුවමනා වුණා. ඒ නිසාමයි මම නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වුණේ. කුඩා කාලෙ පටන්ම සිනමා පසුබිමක සිටි නිසා මට ඒක ලොකු අභියෝගයක් වුණේ නෑ. අනික හැකියාව තියෙනවා නම් වයස බාධාවක් නෙමෙයි.

ඔබේ සොහොයුරාත් නිෂ්පාදන කටයුතුවලට දායක වුණා. ඒ ගැනත් ස`දහන් කළොත්?
ඔහු මගේ කාම්බෝජයේ සහෝදරයා. තවම වයස 13 යි. නිෂ්පාදනයෙන් වගේම ඡුායාරූපකරණයෙන් ඔහු මීට දායක වුණා. ඔහුටත් උදව් කරන එකයි මගේ අරමුණ වුණේ.

ඔබේ මව සමග කටයුතු කිරීම කොහොමද?
ඇත්තටම ඇය සුපිරි මවක්. හරිම විනෝදජනකයි. ඒ වගේම සරලයි. ඇය සමග කටයුතු කිරීම හරිම පහසුයි. ඒ වගේම විනෝදයි.

බ‍්‍රැඞ් පිට් සමග විවාහය දෙදරා යාමෙන් අනතුරුව ඇන්ජලීනා කරළියෙන් තරමක් ඈත් වී සිටි බව සත්‍යයක්. නමුත් ඈ ඉදිරියේදී නව නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවට සූදානම්.

ඇන්ජලීනා, පසුගිය කාලය පුරාවට නිහ`ඩව සිටියේ ඇයි?
මගේ ජීවිතේ පුරාවටම නැගීම් හා බැසීම් තිබුණා. නමුත් මම ඒවාට මුහුණ දීමට තරම් ශක්තිමත්. අපි හැමෝටම අමාරු කාලයන් එනවා.

නමුත් මවක් විදිහට වැදගත් වෙන්නෙ වගකීමෙන් කටයුතු කිරීම. දරුවන්ට ඔවුන්ගේ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න මගේ සහාය අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් මම සිනමාවෙන් ටික කලකට සමුගත්තා. මුල්තැන පවුලටත් දෙවැනි තැන සිනමාවටත් දෙන්න සිදුවුණා.

ඔබ වසර දෙකකින් පමණ නිර්මාණයකට දායකවෙලා නෑ?
ඔව්.. වසර දෙකක් නෙමෙයි වසරකින් පමණ. දරුවන්ට මා නිවසේ සිටීම අවශ්‍යම වුණා. මම මාවම සිර කරගත්තා කිව්වොත් නිවැරදියි. මම දැන් ඔවුන් සමගම බාහිර ලෝකයට යා යුතුයි.

ඔබේ වැඩිමහල් දරුවා දැන් නිෂ්පාදකවරයෙක්?
මැඞ්, ඔහු ගැන හො`ද තක්සේරුවක ඉන්නේ. ඔහු කීවා ඔහු දැන් සූදානම් කියලා. ඉතින් මම අවසර දුන්නා.

ඔහු ඔබගෙන් ඈත්වෙලා ඔහුගේ නිජබිමට කිට්ටු වෙනවා. කොහොමද දැනෙන්නෙ?
ඈත් වෙනවා නෙමෙයි. ඔහු බොහෝ කාලයක් ඔහුගේ රටේ ගෙවන්න කැමතියි. ඔහු තවමත් ඉගෙනගන්නවා. ඔහු කලක් ජීවත්ව සිටි රටේ භාෂාව, සංස්කෘතිය, ජන ජීවිතය ගැන ඔහු හො`ද සවන් දෙන්නෙක්. ඒ වගේමයි අලූත් දේවල් උකහා ගැනීමේ හැකියාව. ඔහු මොන දේ ඉගෙන ගත්තත් ඔහු දන්නවා ඔහුගේ මව මා බව. ඒ නිසා ඔහු ඔහුගේ උපන් බිමට ළංවුණාට මගෙන් ඈත්වෙලා නෑ.

ඔහු කාම්බෝජයෙ කැමතිම මොනවටද?
මම හිතන්නෙ එහෙ මිනිසුන්ට ඔහු හරිම ආදරෙයි. ඔවුන් හරිම නිස්කලංක සාමකාමී පිරිසක් ඔහු කියන විදිහට. ඒ වගේමයි ඔහුත් බොහොම සාමකාමී නිවුණු පුද්ගලයෙක්.

ඔහු බොහෝ දේවල් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා කෙනෙක්?
ඔව්.. බොහෝ දේවල් නෙමෙයි හැම දෙයක්ම වගේ බොහෝම ඉක්මනින් අවශෝෂණය කරගන්නවා. මේ දිනවල ඔහු පියාසර කරන්න ඉගෙන ගන්නවා. මේ ළ`ගදි දවසක දුරකථනයෙන් කතා කරලා කිව්ව ‘අම්මේ මම තනිවම ඒක කළා’ කියලා. මම කොච්චර බය වුණාද කිව්වොත් දුරකථනයත් අතින් ගිලිහුණා. ඔහු ඒ තරම්ම දක්ෂයෙක්. ඔහු භාෂා කිහිපයකම නිපුණයෙක්. ප‍්‍රංශ භාෂාව ඉතා චතුර ලෙස හසුරවන්න ඔහුට පුළුවන්. ඒ වගේමයි ජර්මන් භාෂාවත්. ඔහු මේ දේවල් මගේ ඉදිරියේම මට නොදැනී ඉගෙන ගත්තේ කොහොමද කියලා හිතනකොටත් පුදුමයි.

දැන් දරුවන් සමගම කාලය ගෙවන්නද අදහස? සිනමාවට නැවත එන්න අදහසක් නැද්ද?
දැන් නිවාඩුව ඉවරයි. මේ දිනවල නිර්මාණ කිහිපයකටම දායක වෙනවා. ඉතා කාර්යබහුලයි. පවුලත් සමග සමබරව හැමදේම කරගෙන යනවා. ඉස්සර මගෙන් වුණ අතපසු වීම් ආයෙත් දරුවන්ට වෙන්න දෙන්න බෑ. ඒ නිසා සමබරව කරගෙන යනවා.

ඔබේ ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?
මේ දිනවල නම් Malefficiant 2 සහ come away චිත‍්‍රපට දෙකේ රූගත කිරීම්වලට දායක වෙනවා. මේ දෙකම 2020 දී තමයි තිරගත වීමට නියමිත. දරුවන්ගේ කාර්යබහුලත්වයත් එක්ක නිර්මාණ ගොඩකට දායක වෙන්න අමාරුයි.

චරිත් මොරගොඩ
උපුටා ගැනීම The People Magazine

Untitled-2