අපේ සමාජය කාලෙන් කාලෙට එක් එක් ජාතියේ රැුලිවලට අහු වෙන්නේයග අද වෙද්දී සමාජ මාධ්‍ය භාවිතය ඉතා ඉහළ මට්ටමක ඇති නිසා සමාජ මාධ්‍ය තුළ අමුතුම මාදිලියේ රැුලි මතු වෙන්නේයග පසුගිය කාලයේ මුහුණු පොතේ මතු වූ අලූත්ම රැුල්ල වූයේ පිදුරංගල පින්තූර රැුල්ලයිග ඒ රැුල්ල උම්මාදයක් ලෙස පැතිරුණේ එක්තරා වයස් කාණ්ඩයක සිටින තරුණ පිරිස අතරේයග කෙසේ වුවත් මේ රැුල්ල කෙළවර වෙන්නේ යහපත් තැනකින් නොවන වග නම් පෙනෙන්නට තිබේග ඒ පින්තූර රැුල්ල රෙදි ගලවාගත් අඩනිරුවත් විකාරයකින් කෙළවර වූයේ රටේ තරුණ ප‍්‍රජාවට නැවත නැවතත් තමන්ගේ හැසිරීම් ගැන හිතන්න යමක් ඉතිරි කරමිනිග අපගේ මේ උත්සාහයද තරුණ පරපුරට වගකීම්සහගත ලෙස සිය චර්යාවන් ගැන වගවීමට යම් උත්තේජනයක් සැපයීමයග

සරලවම කිවහොත්  පිදුරංගල යනු මෙරට පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුතු   සිද්ධස්ථානයකිග  සීගිරි පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබෙන  පිදුරංගල විහාරය මාතලේ දිස්ත‍්‍රික්කයේ දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වූ සීගිරි ග‍්‍රාමය ආශ‍්‍රිතව පිහිටි ගල් තලාවක පිහිටා ඇතග මෙය  මුහුදු මට්ටමේ සිට මීටර් 340ක් පමණ උස් වූ ප‍්‍රදේශයක  පිහිටා තිබේග දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් පිදුරංගල පුදබිම මෑත යුගයේ සමාජ මාධ්‍ය අතර කතාබහට ලක්වූයේ දේශීය සංචාරකයින් පිරිසක් සමාජ මධ්‍යයේ පළ කළ සේයාරූ කිහිපයක් හේතුකොට ගෙනයග පිදුරංගලට ගිය විට පිටුපසින් මනරම්ව දර්ශනය වන්නේ ඓතිහාසික සීගිරි ගලේ දර්ශනයයිග

රැුල්ලක් වෙන්නට බලපෑවේ තරුණියක කර මත තබාගත්  තරුණයකු සීගිරි පසුබිම කරගෙන පිදුරංගල  ගල් තලාව මත ගත් සේයාරුවක්යග ඒ සේයාරුවට තරුණ තරුණියන්ගේ ඇති වූ ආකර්ෂණය නිසාම එය මුහුණු පොතේ සංසරණය වන්නට ගත්තේ අසුරු සැණෙකිනිග එය රැුල්ලක් වන්නේ තව තවත් තරුණ තරුණියන් පිදුරංගල තරණය කොට ජායාරූප ගෙන මුහුණුපොතේ පළ කරන්නට පටන් ගැනීමත් සමඟයග එක එක අංග චලනයන්ගෙන් සහ විලාසිතාවන්ගෙන් යුතුව එවැනි සේයාරූ සිය දහස් ගණනක් පසුගිය මාස දෙකක තුනක කාලයේ මුහුණු පොතෙහි පළව ඇති අයුරු අපට නිරීක්ෂණය කළ හැකි වියග ඒ අතරේ සුදුසු ජායාරූප මෙන්ම එතරම් නුසුදුසු ගණයේ ජායාරූපද පළව තිබෙන අයුරු අපි දුටුවෙමුග පසුගිය සතියේ ජායාරූප පළකිරීම  එහි උච්ජස්ථානයටම  පැමිණ තිබිණිග ඒ තරුණයන් කිහිපදෙනකු පිදුරංගලට පිටුපා  සීගිරිය දෙසට මුහුණලා  කලිසම් ගලවා සිය පශ්චාත් භාගය පෙනෙන ලෙස ජායාරූප ගෙන ඒවා මුහුණු පොතේද පළකර තිබීම නිසායග එය මුහුණු පොතේ සංසරණය වීමත් සමඟ සමාජයෙන් විරෝධයක්ද එල්ල වන්නට වියග අවසානයේ  පිදුරංගල රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය දානේගම ආනන්ද හිමියෝද  මෙම ප‍්‍රශ්නයට මැදිහත් වූහග ඓතිහාසික පුදබිමේ ගෞරවය වෙනුවෙන් උන්වහන්සේට නීතියේ සරණ පතන්නට සිදුවූහග

එ් අනුව සීගිරිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේයග එහිදී අනාවරණය වන්නේ ගලේවෙල පැත්තේ තරුණයන් පිරිසක් ඊට සම්බන්ධ බවයග අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දුන් ඔවුන් පිදුරංගලට එන්නේ පසුගිය නිකිණි පොහොයට පෙර දිනයේයග එ් පැමිණි කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකිග පිදුරංගල කඳු මුදුනේදී ඔවුන්ගෙන් දෙදෙනෙක් කලිසම ගලවා අඩ නිරුවත් වෙමින් තවත් මිතුරකුගේ සහායෙන් ඡුායාරූපයක් ගෙන මුහුණු පොතට දැමුවේ යැයි කියන්නේ පිදුරංගල කඳු මුදුනේදී විදේශීය කතක් මුහුණු පොත හරහා කළ අභියෝගයක් භාර ගනිමිනිග සීගිරිය පොලිසිය මේ තොරතුරු අනාවරණය කර ගන්නේ එම තරුණයින් පස් දෙනාගෙනිග

මේ වන විට එවැනි අඩනිරුවත් සේයාරූ පළ කළ පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වෙමින් තිබේග ඊට සම්බන්ධ තරුණයකු තමා කළ වරදට සමාව ඉල්ලා මුහුණු පොතේ සටහනක්ද තබා තිබෙනු දක්නට ලැබුණිග පහු වී හෝ තමා අතින් සිදුවූයේ වරදක් බව වටහාගෙන එයට සමාව ඉල්ලා සිටීම හොඳ ගුණයකිග එය අගය කළ යුතුයග එසේම එවන් වරදක් නොවන්නට රටේ අනෙක් තරුණ පිරිස තදින් සිතාගත යුතුව තිබේග ආගමල දහමට අපහාස කිරීමෙන් හෝ  තමා ජීවය ලැබූ බිම්කඩෙහි  හර පද්ධතීන් හාස්‍යයට ලක් කිරීම තරුණකම හෝ රැුඩිකල්කම ලෙස වටහාගනී නම් එය මෝඩකමක් විනා අන් කිසිවක් නොවේග

පිදුරංගල පුදබිමේ ඓතිහාසික බව පත්තර පිටුවක ලියා ලඝු කළ නොහැකි නමුත් ඉතා සාරාංශගතව මෙසේ සටහන් කරන්නට අපි කැමැත්තෙමුග ජනප‍්‍රවාදයේ එන ආකාරයට නම්  රන් පි¥ ගල ”පිදුරංගල” වූ බව පැවසේග

ජනප‍්‍රවාදගතව  සොයා බැලූවහොත් පළමුවන මුගලන් රජුල කාශ්‍යප රජු සමග යුද වැදීමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පි¥ බැවින්  රන්ූපි¥ූගල ලෙසින් මෙය ප‍්‍රචලිතව ඇතග  තවත් ජනප‍්‍රවාදයක පැවසෙන්නේ  භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පූජා කොට ඇති මෙම ආරණ්‍ය සහිත ගලටල පි¥ ආරණ්‍ය ගල යන්න ව්‍යවහාර වූ බැවින්  පිදුරංගල ලෙසින් හැඳින්වූ බවයග තවද  කාශ්‍යප රජු  සීගිරිය සොයා ගන්නා විට එහි සංඝාරාමයක් තිබූ බවත් කාශ්‍යප රජු සීගිරියේ වැඩ ආරම්භ කිරීමට පෙර එහි වැඩ වාසය කළ  භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ වෙනුවෙන්  පිදුරංගල විහාරය ඉදි කළ  බවත් පැවසේග කෙසේවුවද මෙහි මහරහතුන් වහන්සේ වැඩ සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් ඔප්පු වී ඇතග  පිදුරංගල ඇති සැතපෙන බුදු පිළිමය අඩි හතළිස් අටහමාරක් තරම් දිගින් යුක්තයග එය  මැටි සහ ගඩොලින් සෑ¥  ආසියාවේ ඇති දිගම සැතපෙන බුදු පිළිමය ලෙසද සැලකේග සීමා මාලකයල පිළිම ගෙයල බෝධියල චෛත්‍යය සහ සංඝාරාමයක් ඇති පිදුරංගල පංචවාසයක් ලෙසද හඳුන්වනු ලැබේග පුරාවිද්‍යා සාක්ෂිවලට අනුව මෙහි ලෙන් තුළ  බුද්ධ ප‍්‍රතිමා සහ සිතුවම්ද තිබී ඇතග  1950 වසරේ දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අධීක්ෂණය යටතේ මෙහි කැණීම් කර තිබුණිග

මෙවන් ඓතිහාසික බිමක් ආරක්ෂා කර ගැනීම ජාතික වගකීමක් විය යුතුයග එකී ජාතික වගකීම නිසි අයුරින් ක‍්‍රියාත්මක වූවා නම් අද එහි නිර්වස්ත‍්‍ර සේයාරූ ගැනීමට කිසිදු ඉඩක් නොලැබෙන්නටද ඉඩ තිබුණිග මෙම සිදුවීමට මුල් වූ තරුණ පිරිසට නීතිප‍්‍රකාරව දඬුවම් ලැබෙනු ඇතග නමුත් ඇතැම් අඩු ලූහුඬු තැන්වලට දඬුවමින් පමණක් පිළියම් ලැබෙන්නේ නැතග මෙයින් අප තේරුම්ගත යුතු දෙයක් ඇතග එනම් අප අපගේ උරුමයන් පිළිබඳව කොයි තරම් දැනුවත්ද සහ ඒවා රකින්නට අපට පැවරී ඇති වගකීම පිළිබඳව අප කොයිතරම් වගකීම්සහගතද යන්නයග ශ‍්‍රී ලාංකික උරුමය අප ලෝක උරුමයන් සමගද ගලපාගත යුතුයග ඉන්දියානුවකු බුද්ධගයාවේදී හෝ ටජ් මහල ඉදිරිපිටදී නිරුවත් සේයාරුවක් ගනු ඇත්ද ? රෝම ජාතිකයකු වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී නිරුවත් සේයාරුවක් ගනීවිද ? ප‍්‍රංශ ජාතිකයා ලූවර් කෞතුකාගාරයේදී නිරුවත් වේවිද ? අරාබි ජාතිකයා මක්කමේදී වස්ත‍්‍ර උනා දමාවිද ? නමුත් ඇතැම් ශ‍්‍රී ලාංකිකයන්  තම ජන්ම භුමියේ උරුමය මත හිඳිමින් ඇඳිවත උනා දමන්නට පෙළඹී ඇතග වරද ඇත්තේ කොතැනද යන්න සොයාගත යුතුයග මේ සියලූ සේයාරූ අතරේ හිත සැනසෙන එක් සේයාරුවක්ද අහම්බෙන් නෙත ගැටුණේයග එහි වූයේ උඩරට වෙස් නර්තන ශිල්පීන් රැුසක් මැදිකරගත් විදේශිකයින් පිරිසක් පිදුරංගල ගල මත හිඳ සිනහමුසු මුහුණින් ආයුබෝවන් කියන අයුරුයග සුද්දන්ටත් දැනෙන අපේ උරුමය අපිට නොදැනීම කරුමයම මිස අන් කවරක්ද? එය දකින ඇතැමකුට එසේ සිතීම අරුමයක් නොවේග

අයේෂ් ලියනගේ

Untitled-6 Untitled-5Untitled-4