බොලිවුඩයේ වයසින් අඩුම සුපිරි තරුව කවුද කියා ඔබෙන් ඇසුවොත් නිතැතින්ම කියැවෙන නමක් තමයි වරුන් ධවන් කියන්නේ. පිය උරුමයෙන් බොලිවුඩයට පා තබන වරුන් උරුමයෙන් එහාට ගිය රංගන හා නර්ථන හැකියාවන් නිසා නිතැතින්ම පේ‍්‍රක්ෂක ආදරයට පාත‍්‍රවනවා. මේ දිනවල යාශ් රාජ් චිත‍්‍රපට සමාගමේ Sui dhaaga චිත‍්‍රපටයේ ද, කරන් ජොහාර් නිෂ්පාදනය කරන Kalank චිත‍්‍රපටයේද රූ ගත කිරීම්වලට එක්ව සිටින වරුන් පසුගිය දිනෙක ඔහුගේ නව නිවහනේ පදිංචියට ගියා. ඒ පිළිබදව හා ඔහුගේ අනාගත සැලසුම් පිළිබ`දව ඔහු ෆිල්ම්ෆෙයා ස`ගරාව වෙනුවෙන් ලබා දුන් සම්මුඛ සකච්ඡුාවක් මේ.

* ඔබ මිලදී ගත් නව මහල් නිවාස සංකීර්ණයේ ඔබ තනිවම පදිංචියට ගියා. තනිවම වගකීම් දරන්නද සූදානම?
ඒක නම් ලොකු වගකීමක් නෙමෙයි. වගකීමක් පිළිබ`දව මුල්ම හැ`ගීම මට දැනුණේ මගේ සහෝදරයාගේ දියණිය ඉපදුණු දවසේ. ඒකත් එක්ක බලද්දී නම් නිවසක් මිලදී ගැනීමට වගකීමක් කියලා කියන්නත් බෑ වගේ.

* අවුරුදු ගාණකට පස්සෙ පවුලේ බාලයා ලෙස ඔබට හිමි තැන වෙන කෙනෙක් අරගෙන. මොකද හිතෙන්නේ?
ඒ අතින් නම් මම ඇයට ස්තූතිවන්ත විය යුතුමයි. මගේ මව තවමත් මට සලකන්නේ අවුරුදු අටක පොඩි ළමයෙක්ට වගේ. මම කන බොන දේ පටන් හැමදේම තවමත් වෙන්නේ ඇගේ අධීක්ෂණය යටතේ. අඩුම තරමේ මට වැස්සට තෙමෙන්න තරම්වත් නිදහසක් නෑ. හැබැයි පුංචි දුව ආවට පස්සෙ හැමදේම වෙනස් වෙලා. අම්මයි තාත්තයි දෙන්නම දැන් පිස්සුවෙන් වගේ ඈ පස්සෙ.

* ඇයි දෙමාපියන්ගෙන් වෙන්වෙලා තනිවම ජීවත් වෙන්න හිතුවෙ?
මම ඔවුන්ගෙන් දුරස් වෙලා නෑ. මම ඉන්නෙ හරියටම ඔවුන් ඉන්න ගොඩනැගිල්ලෙම ඔවුන්ට එක මහලක් පහළින්. ඇත්තටම මට අවශ්‍ය වුණේ නිදහස් වෙන්න. පසුගිය වසර කිහිපයේම ගොඩක් මහන්සි වුණා සාමාන්‍යයෙන් වසරකට නිර්මාණ 4කට පමණ දායක වුණා. මේ වසරෙත් එහෙමමයි. ආක්ශේ කුමාර් හැරුණාම මේ වසරේ වැඩිපුරම වැඩ කළේ මම කිව්වොත් හරි. මේ දිනවල Kalank වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.

* ඒක ගොඩක් හොද දෙයක්නෙ?
ඔව් ඇත්තටම. මම සිනමාවට සම්බන්ධ පවුලකින් පැවතගෙන එන නිසා මම දැකලා තිබුණා ඒ කාලයේ නළු නිළියන් වසරකට නිර්මාණ තුන හතරකට දායක වෙනවා. නමුත් අද කාලෙ එහෙම අමාරුයි. නළු නිළියන්ට චිත‍්‍රපටවලට අමතරව විවිධ සංදර්ශන, සම්මාන උළෙල, වෙළෙ`ද ප‍්‍රවර්ධන කටයුතු වගේ අමතර වැඩත් එක්ක එහෙම නිර්මාණවලට දායක වෙන එක පහසු කටයුත්තක් නෙමෙයි.

* අද කාලෙ ගොඩක් ”තරු” වසරකට එක නිර්මාණයක් පමණයි කරන්නේ?
මෙහෙමයි. යම්කිසි නිර්මාණයකට කාලයක් අවශ්‍ය නම් ඒකට ඒ කාලය දිය යුතුමයි. ඔබ සංජේ ලීලා බන්සාලි එක්ක වැඩ කරනවා නම් ඔහුට සාමාන්‍යයෙන් තරමක් වැඩිපුර කාලයක් අවශ්‍ය වෙනවා. එවිට ඔබට ඔහුට යටත් වෙන්න සිදුවෙනවා. මම අගය කරනවා රන්වීර් සිං වගේ නළුවන් දීර්ඝ කාලීනව එක් නිර්මාණයක් වෙනුවෙන් කරන කැප කිරීම. ප‍්‍රභාශ් ඔහුගේ වටිනා කාලය විශාල ලෙස බාහුබලී වෙනුවෙන් වැය කළා. ඒ වගේම එහි විශිෂ්ට ප‍්‍රතිඵලත් අපි දුටුවා.

* ඔබ මෙතෙක් ගත් හොදම තීරණය මොකක්ද?
ගණනාවක් තියෙනවා. කරන් ජොහාර්ගේ නිර්මාණයට දායකවීම. ඒ වගේම බද්ලාපුර්,ABCD 2″ October වගේ තරමක් වෙනස් නිර්මාණවලට දායක වීම. මගේ පියාගේ  judwa 2 ඒ අතරින් විශේෂයි. මුලින් මම ඒක ප‍්‍රතික්ෂේප කළත් පසුව ඒ වෙනුවෙන් මම වෙනත් නිර්මාණ රැුසක් පසෙකින් තැබුවා.

* ඔබ මුලින් ඒක ප‍්‍රතික්ෂේප කළේ?
සල්මාන් ඛාන් වගේ අංක එකේ සුපිරි තරුවක් කළ චරිතයක් නැවත ප‍්‍රතිනිර්මාණය කිරීම පහසු නෑ. අනික සමාජ ජාලා වෙබ් අඩවි ප‍්‍රබල යුගයක. මට විවිධ විවේචන එන්න තිබුණා. මම තරමක් ප‍්‍රවේශම් වුණේ ඒ නිසා.

*  October චිත‍්‍රපටයට ඉතා ඉහළ විචාරක පැසසුම් ලැබුණා. එහි වාණිජමය ප‍්‍රතිලාභ ගැන මොකද හිතන්නෙ?
ඒකෙ වරදක් නෑ. සිනමාපටය ප‍්‍රදර්ශනයට පෙර shoojit මා හමුවූ අවස්ථාවේ කිව්වා මේ නිර්මණය කෝටි 40කට ආසන්න ආදායමක් ලබයි කියලා. නමුත් ඒක කෝටි 50 කිට්ටුවටම ගියා. ඒ පමණක් නෙමෙයි. මේ වන විට එහි DVD පටත් අතිසාර්ථක ලෙස අලෙවි වෙනවා. ඒ අතින් මගේ අරමුණ සාර්ථකයි.

* ඔබේ නිර්මණයක් වාණිජමය වශයෙන් අසාර්ථක වුණොත් ඔබට එය දරාගන්න පුළුවන් වෙයිද?
ඒක නම් කියන්න අමාරුයි. අනිවාර්යයෙන්ම ඒක මට ස`ගවන්න අමාරු වේවි. ඒවගේ දේවල් වෙනවා කියල අත පිහදාගන්න මට බැරිවෙයි. මම දැකලා තියෙනවා මගේ පියාගේ නිර්මාණ සාර්ථක හා අසාර්ථක වුණ අවස්ථා. ඒවා අලූත් දෙයක් නොවුණත් මට දරාගන්න එක නම් ලේසි වෙන එකක් නෑ.

* ඔබේ පියාත් ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා?
අනිවාර්යයෙනේම. ඔහු ගොඩාක් සුපිරි තරු සමග වැඩ කළ කෙනෙක්. සල්මාන්, සංජු, අමිතාභ්, ගෝවින්දා වගේ සුපිරි තරු සමග. ඔහු දන්නවා මේ මගෙ ආරම්භය පමණක් බව. තව බොහෝ දේ මගෙන් බලාපොරොත්තු වෙනවා. Sui dhaaga චිත‍්‍රපටයට නම් ඔහු බොහෝම කැමැති වෙයි.

* පෙනුමෙන් නම් Sui dhaaga තරමක් වෙනස් චිත‍්‍රපටයක් වගේ?
මුලින්ම මම චිත‍්‍රපටය ප‍්‍රතික්ෂේප කළා කාර්යබහුල බව නිසාම. නමුත් තිරපිටපත මා තුළ ඇති කළ කම්පනය නිසාම මම පසුව ඒකට කැමති වුණා කිව්වොත් නිවැරදියි.

* අනුෂ්කා ශර්මා ඔබට ලැබුණු තරමක් වෙනස් සහාය නිළියක් කිව්වොත්?
ඇත්තෙන්ම. ඈ ඉතාම අවධානයෙන් සහ මහන්සියෙන් වැඩ කරන නිළියක්. මම හිතුවෙ නෑ අපිට මේක කරන්න පුළුවන් වෙයි කියලා.

* එහෙම හිතන්න හේතුව?
(සිනාසෙමින්* වරක් රන්වීර් සිං සහ අර්ජුන් කපූර් විහිළුවට වගේ මට කියපු දෙයක්. අනුෂ්කා මාත් සමග වැඩ කරන්න කැමැති නෑ කියලා. කොටින්ම කිව්වොත් අනුෂ්කා මට කැමති නෑ කියලා. ඒත් දැන් මමත් අනුෂ්කාත් එයාලට කැමති නෑ. (සිනාසෙමින්)

* 2019 ඔබට විශේෂ වසරක්. ඔබ දායක වන දැවැන්තම නිර්මාණය ණ්ක්බන තිරගත වීමට නියමිතයි. කොහොමද අත්දැකීම?
ඇත්තටම ඒක අමුතුම අත්දැකීමක්. ආලියාත් මමත් මීට පෙර එකට වැඩ කළත් සංජු, මාධුරී, සොනක්ශි, ආදිත්‍ය රෝයි එක්ක වැඩ කිරීම මට අලූත්ම දෙයක්. අධ්‍යක්ෂක ්ඉයසියැන ඩැරප්බ මගේ පරණම මිත‍්‍රයෙක්. ඒ වගේමයි ආලියාගෙත් මිත‍්‍රයෙක්. ඒ නිසාම ඔහු සමග කටයුතු කිරීම පහසුවක් වුණා.

* ආලියා සහ ඔබ වර්තමාන සිනමාවේ ශාරුක් – කාජල් යුවළට සමාන කරනවා?
හො`දම දේ තමයි අපි දෙන්නා අතර තියෙන සහයෝගය. ඈ ඇගේ චරිතය කරනවාට අමතරව මගේ චරිතයටත් උපරිම සහාය දෙනවා. මා ඈව දන්නේ කුඩා අවදියේ පටන්. මම වරක් kalank රූගත කිරීම් අතරතුරදි ඇයට පැවසුවා ඈ වයසට ගොස් ඇති බව. ඒ තරමටම මා ඇයව දන්නවා.

* ඔබ ඇයට උපදෙසක් දෙන්න කැමතිද? ආදරය ගැන?
කරුණාකරලා ඒක නම් කියන්න එපා. මම උපදෙස් දෙන්න තරම් ආදරය ගැන දන්නෙ නෑ.

* ඉස්සර නම් ඔබ මාධ්‍ය ඉදිරියට ගියේ තනිවම. දැන් ඔබේ පෙම්වතිය නතාෂා දලාල් සමග. ඇයි මේ හදිසි වෙනස් වීම?
මම දැන් ඒ ගැන ඒ තරම් හිතන්නෙ නෑ. අනික එහෙම යන එක මට වගේම ඇයටත් පහසුවක්. මාධ්‍යයෙන් හෝ රසිකයන්ගෙන් ස`ගවන්න තරම් දෙයක් මට නෑ. නතාෂාත් අවබෝධ කරගත යුතුයි තරුවක් සමග ජීවත් වෙන්නෙ කොහොමද කියලා. ඒ වගේමයි මාධ්‍ය සමගත්.

* ක්ෂේත‍්‍රයෙන් පිටත අයෙක් සමග සම්බන්ධ වීම පහසුවක්ද?
ඇත්තෙන්ම ඔව්. මම ඇයව දන්නෙ පාසල් අවධියේ පටන්. අපට ගොඩක් මිත‍්‍රයෝ ඉන්නවා. සිනමා ලෝකයෙන් එහා අපිට වෙනම ලෝකයක් තියෙනවා. මම ඒ ලෝකෙට ගොඩක් කැමතියි.

* ඔබේ සිනමාවට ඇගේ බලපෑම?
විශාල බලපෑමක් කරනවා. කෙළින්ම නෙමෙයි. ඈ නිසාමයි මම Badlapur, October වැනි නිර්මාණවලට දායක වුණේ.

* ඔබ ගැන පැතිරෙන කටකථාවලට ඇගේ ප‍්‍රතිචාර කොහොමද?
ඇත්තෙන්ම කිව්වොත් ඈ ඒවාට ප‍්‍රතිචාර දක්වන්නෙ නෑ. කථා නම් ගොඩක් අහලා ඇති. අඩුම තරමේ ඈ ඒ ගැන මට කියන්නෙවත් නෑ. ඈ දන්නවා මගෙ පළමු ආදරය සිනමාවට බව. ඉන්පසු නතාෂා, මගේ පවුල සහ මිතුරන්.

* ඔබේ විවාහය ගැන ස`දහන් කළොත්?
අනිවාර්යයෙන්ම ඒක සිදුවේවි. කවදාද කියන්න බෑ.

* ඔබේ අනාගත බලාපොරොත්තු?
එහෙම විශේෂ බලාපොරොත්තුවක් නෑ. ලැබෙන හො`ද නිර්මාණවලට දායක වෙනවා. මගෙ බලාපොරොත්තුවක් තිබුණේ නෑ අනුෂ්කා, මාධුරී, සංජේ දත්, නවාසුදීන් සිද්දකී වගේ අංක එකේ නළු නිළියන් මාත් එක්ක වැඩ කරයි කියලා. නමුත් අද ඒක සැබෑවක් වෙලා. ඒ වගේම පොඩි ආශාවක් තියෙනවා සුපිරි වීරයෙක්ගෙ චරිතයක් කරන්නත් ඉදිරියේදී.

චරිත් මොරගොඩ
(filmfare ඇසුරෙන්)

Untitled-6 Untitled-5