චතුර කොහොමද කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ?
මම අවුරුදු පහළොවේ දහසයේ ඉඳලම සංගීතය හදාරනවා. ඊට පස්සේ දෙරණ ඩී්‍රම්ස්ටාර් තරගයේ අවසාන වටය දක්වා එන්න හැකියාව ලැබෙනවා.  සංගීතය කියන්නේ මගේ ජීවිතේ වගේ වෙන්නේ ඊට පස්සෙ තමයි.
සංගීතයට අමතරව ටෙලිනාට්‍ය

ක්ෂේත්‍රයටත් ඇතුළත්වෙලා නේද?
ඔව්. නිලුක්ෂාන් ඒකනායක කියන්නේ මගේ මිතුරෙක්. එයා තමයි මාව දවෛනි ඉනිම ටෙලිනාට්‍යයට සම්බන්ධ කරන්නේ. පස්සේ තවත් ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

සංගීත කලාව සහ ටෙලිනාට්‍ය කලාව සමබරව ගෙනියන්න පුළුවන් ද?
මගේ ප්‍රධාන ඉලක්කය සංගීත අංශයෙන් ඉදිරියට යාමයි. ළඟකදී අලුත් ටෙලි නාට්‍යයක තේමා ගීතය ගායනා  කරන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව මගේ මියුසික් වීඩියෝ එකක් කරා. ඒක ළඟදී එළිදක්වන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. නමුත් රඟපෑමත් කරගෙන යනවා. මම හිතනවා සංගීත  අංශයෙන් ඉදිරියට යන්නත් ටෙලිනාට්‍යවල රඟපෑම උදව් වෙනවා කියලා. අපේ මුහුණු ප්‍රේක්ෂකයෝ අඳුනගන්නවා. වැඩිපුරම හඳුනගන්නේ ටෙලිනාට්‍යවලින්.

කවුද මේ ගමන එන්න ඔබට උදව් වෙන්නේ?
මගේ ගම වරකා‍පොළ. මගේ අම්මයි තාත්තයි අක්කයි මට උදව් වෙනවා. යන හැමතැනකදීම මගේ පස්සෙන් ඇවිල්ලා. මාව ආරක්ෂා කරමින් උදව් කරන්නේ මගේ පවු‍ලේ අයයි.  මගේ පාසල් ගුරුවරයා වන අශෝක සේනාධීර මහතා සහ මට උදව් කළ හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්න මම කැමතියි.

ක්ෂේත්‍රයේ දිගටම  රඳාපැවතීම සඳහා මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ?
මම විශාරද දවෛනි කොටස දක්වා කරලා තියෙනවා. මේ තියෙන රැල්ලත් එක්ක රඟපෑමෙන් ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක සංගීත අංශයේ දිගු දුරක් යන්න තමයි අපේක්ෂා කරන්නේ. මොකද කොයිතරම් හොඳ නිර්මාණ කළත් ජනප්‍රියත්වය නැතුව ඉදිරියට යන්න අමාරුයි.

නෙරංජලා වික්‍රමසිංහ