තාබුගේ රසිකයන්ට සුබ ආරංචියක්

90 දශකයේ සිටි ජනප‍්‍රිය නිළියන් අතර තාබු තරමක් පසුපසින් සිටි නිළියක්. නමුත් මෑත භාගයේ ඈ පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් තරමක් වෙනස් චරිත හරහා ඔබ හමුවට ආවා මතක ඇති. මේ ප‍්‍රවෘත්තියත් තාබූ රංගනයෙන් දායක වන තවත් අපූරු සහ තරමක් වෙනස් සිනමා නිර්මාණයක් පිළිබ`දවයි.

මීට පෙර Ek haseea thi Badlapur වැනි සිනමා නිර්මාණ පේ‍්‍රක්ෂකයන් හමුවට ගෙන ආ ශ‍්‍රී රාම් රාඝවන් ගේ අධ්‍යක්ෂණයක් වන Andhadhun චිත‍්‍රපටයේ තාබූ මෙන්ම ආයුශ්මාන් ඛුරාණා සමගින් රාධිකා ආප්තේ ප‍්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙනවා. අන්ධ පියානෝ වාදන ශිල්පියෙක් වටා ගෙතුණු අබිරහස් සිදුවීම් දාමයක් හරහා පේ‍්‍රක්ෂකයන් ලොමු දැහැ ගැන්වෙන අවසානයක් කරා ගෙනයන කතාවක් සමගින් එන මේ චිත‍්‍රපටය ලබන ඔක්තෝබරයේ තිරගත වීමට සියලූ කටයුතු මේ වන විටත් සූදානම්. මේ වන විටත් මෙම චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටයට මෙන්ම ගීතවලටත් ඉතා ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. විචාරකයන් නම් පවසන්නෙ තාබු-ආයුශ්මාන්-රාධිකා අපූරු සංකලනය Andhadhun සමගින් පේ‍්‍රක්ෂකාගාරය මවිත කරනු ඇති බවයි.

Untitled-2Untitled-3
ගමන් මල්ල නිසා ශිල්පා කරදරයක

සුපිරි තරු වුණත් හිටි හැටියෙම අපූරූ අකරතැබ්බවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ආරංචියත් අන්න ඒ වගේ සිද්ධියක් ගැන. සිද්ධියට මුහුණ දීලා තියෙන්නෙ සුපිරි බොලිවුඞ් නිළියක් වන ශිල්පා ශෙට්ටි.

පසුගිය දිනෙක ශිල්පා ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරත වුණා. සංචාරය නිමාකර ඈ සිඞ්නි නගරයේ සිට මෙල්බර්න් නුවරට එන අතරතුර  මෙල්බර්න් ගුවන්තොටුපළේදී තමයි මේ ගැටලූව ඇති වී තිබෙන්නෙ.

මෙල්බන් ගුවන් තොටුපොළේ සිටි ආරක්ෂක නිලධාරිනියක් ඇගේ ගමන් මලූවල බර වැඩි බව පවසමින් ඒවා පෞද්ගලිකව පරීක්ෂාවට ලක් කර ඇය පැය භාගයක් පමණ ගුවන්තොටුපළේ ර`දවා තබාගෙන තිබෙනවා. ශිල්පා නම් පවසන්නෙ බෑගය පෙනුමෙන් විශාල වුවත් එය නියමිත බර ප‍්‍රමාණය ඉක්මවා නොතිබූ බවයි. එසේම මා සිදුවීම නිසා තමන්ට ගුවන්යානය පවා මගහැරීමට ඉඩ තිබූ බව ඈ පවසා සිටියා.

කෙසේ වෙතත් ඈ මේ පිළිබදව ගුවන් තොටුපොළට පැමිණිලි නොකර දීර්ඝ twitter පණිවිඩයක් පමණක් සටහන් කර තිබුණා. නමුත් සමහරුන් නම් පවසන්නේ ඈ මාධ්‍ය අවධානය දිනා ගැනීම සදහා මෙය කළ බවයි. ඊටත් පිළිතුරු දෙමින් ශිල්පා කියා සිටින්නේ තමන්ට කිසිවිටෙකත් එවන් අවශ්‍යතාවක් නැති බවත් අවශ්‍ය බලධාරීන් ඒ පිළිබ`දව නිසි පියවර ගනු ඇතැයි සිතා තමන් නිල වශයෙන් පැමිණිලි නොකර එඅසඑඑැර පණිවුඩයක් තැබූ බවයි. නමුත් මේ වන විටත් ගුවන් සමාගමෙන් හෝ ගුවන්තොටුපොළෙන් හෝ කිසිදු ප‍්‍රතිචාරයක් නම් දක්වා නැහැ.

Untitled-1
අභ්‍යවකාශ ගතවීමට  බොලිවුඩය සූදානම්

හොලිවුඩයට නම් අභ්‍යාවකාශය කියන්නේ අලූත් තේමාවක් නෙමෙයි. ඒත් බොලිවුඩයට නම් ඒක අලූත්ම තේමාවක්. කිහිප වතාවක්ම අභ්‍යවකාශය හා සම්බන්ධ සිනමාපට පිළිබ`ද කතා කරලියට ආවත් ඒවා තිඹිරි ගෙයිම මියැදුණ” ඔබට මතක ඇති. සුශාන්ත් සිං රාජ්පුත් මීට පෙර Chanda mama durke චිත‍්‍රපටයට ගිවිසුම් අත්සන් කළත් එය මූල්‍යමය අර්බුදයක් නිසා අතරමග නතර කර දැමුණා.

නමුත් නැවතත් එම තේමාවම පාදක කරගෙන සිනමා පටයක් බිහි කරන්න බොලිවුඩය සූදානම් බවයි දැන ගන්නට ලැබෙන්නේ. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත ස`දහා සුපිරි නළු නිළි යුවළක් වන ආක්ශේ කුමාර් සහ විද්‍යා බාලන් යොදා ගන්නටයි නිෂ්පාදක R’Balki සූදානම් වෙන්නේ. මෙහි අධ්‍යක්ෂණය Padman, Akira, Holiday වැනි නිර්මාණවල සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ jagan shakthi විසින් වීම විශේෂත්වයක්.

ඉතා සුළු නළු නිළි පිරිසක් පමණක් යොදා නිර්මාණය කරන මෙම සිනමා පටයෙන් කියැවෙන්නේ අ`ගහරු ග‍්‍රහයා කරා පිටත් වන ගගනගාමීන් කණ්ඩායමක් සහ ඔවුන් මුහුණදෙන සිදුවීම් දාමයක් පිළිබ`දවයි. තවමත් නමක් යෝජනා කොට නොමැති මෙම චිත‍්‍රපටය සාර්ථක ලෙස නිම කරන්නට නිෂ්පාදක කණ්ඩායම සමත් වුවහොත් එය බොලිවුඩයේ නිෂ්පාදිත ප‍්‍රථම අභ්‍යාවකාශ විද්‍යා ප‍්‍රබන්ධය ලෙස ඉතිහාසගත වනු ඇති. එසේම වසර 10 කට පසුව විද්‍යා සහ ආක්ෂේ එකම තිරයක දැකගන්නට පේ‍්‍රක්ෂක ඔබටත්  හැකිවනු ඇති.

චරිත් මොරගොඩ

Untitled-4