“මම ලෝකයෙන් ඉල්ලා සිටිනවා අලුත් විදියට මගේ මාතෘභූමිය දෙස බලන්න කියලා. අපිට අපේ ප්‍රශ්න විසඳාගැන්මට ඉඩදෙන්න. රටක ස්වාධීනත්වය හරිම වැදගත්. මානුෂීය මෙහෙවරක් ඉටුකරලා මානව හිමිකම් ආරක්ෂා කරන, සාමය පවතින රටක් ලෙස අපේ ප්‍රශ්න විසඳාගැන්මට කිසිඳු විදේශ බලපෑමක් විදේශ මැදිහත්වීමක් අපිට අවශ්‍ය නෑ. ස්වාධීන රටක් විදියට අපේ ප්‍රශ්න විසඳාගන්න අපිට ඉඩදෙන්න ” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී කියයි.

මෙරට වේලාවෙන් අද අලුයම ජනාධිපතිවරයා ජාත්‍යන්තරය හමුවේ මෙම ඉල්ලීම කළේ රාජ්‍ය නායක සමුළුවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද කීය.

“මේ වෙද්දී ශ්‍රී ලංකාවට මා දන්නා තරමින් කිසිඳු සතුරෙක් නෑ. ලෝකයේ ප්‍රබලතම ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාව විසින් පරාජය කරනු ලැබුවා. ඒ නිසයි ශ්‍රී ලංකාව අද නොබෙදුණු නොකැඩුණු සාමය සහිත රටක් ලෙස පවතින්නේ. රටට ස්ථිරසාර සාමයක් ගෙනඒමට ඒ යුගමෙහෙවරට කැපවූ මගේ ආරක්ෂක හමුදාවලට මා ගෞරවයෙන් සිහිපත් කරනවා. “

SHARE

3 COMMENTS

  1. ර්‍ශ්‍ර ලාංකිකයෙකු විදියට අගය කළ යුතු රාජ්‍ය නායක ප්‍රකාශයක් කලකට පසු කරල තියනවා. හැබැයි මෙතැනින් නතර නො වී මේ ස්ථාවරයේ අඛණ්ඩව සිටීමයි වඩා වැදගත්. එකම ගැටළුව ජාත්‍යන්තරය දිනාගෙනත් මෙහෙම ප්‍රකාශයක් ප්‍රසිද්ධියෙ කරන්න වුණේ ඇයි කියන එකයි.

LEAVE A REPLY

Previous articleජගත් මහාමණ්ඩලයේ සැසියකට බබෙක්
Next articleතිරස්