එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉතිහාසයේ පළමු වතාවට බිළිදකු සහභාගි වූ පුවතක් වාර්තා වේ.

නීව් නම් මෙම බිළිදා නවසීලන්ත අගමැතිනියගේ අලුත උපන් දරුවායි.

ඇය මහා මණ්ඩල සැසියේ නෙල්සන් මැන්ඩෙලා සාම සැසියට සහභාගි වන අවස්ථාවේදී ඇයගේ බිළිදා ද සිය පියා වන නිව්සීලන්ඩ් හෙරල්ඩ් මාධ්‍යවේදී ක්ලාක් ග්ලේෆොර්ඩ්ගේ අත්ලේ සුරතල් වෙමින් සිටියේ ය.

බිළිදා වෙනුවෙන් ජගත් මහාමණ්ඩල නිලධාරීන් පළමු වතාවට හැදුනුම්පතක් ද නිකුත් කර තිබේ.

සැසියේ කමිටු කාමරය වෙත බිළිදා රැගෙන ඒම පිළිබ`ද ඇතැමුන් විවේචනයට ලක් කළ ද ජගත් මහා මණ්ඩල මාධ්‍ය ප‍්‍රකාශකවරයා වසා ඇත්තේ සැසිය ඇමතීමට සුදුසුම නවසීලන්ත නායකයා ඇය බැවින් ඇයගේ ඇය එම අවස්ථාව බිළිදා නිසා හෝ අත්නොහැර මනා ලෙස අවස්ථා කළමනාකරණය අගය කරන බවයි.

ජගත් මහාමණ්ඩල සැසිය වෙනුවෙන් නවසීලන්ත අගමැති මව සමග නීව් නමැති මෙම බිළිදා සතියක පමණ කාලයක් නිව්යෝර්ක් නුවර අතිශය කාර්යබහුල දින ගණනාවක් ගත කරමින් සිටියි.

කිසිදු නිල හමුවක් හෝ අවස්ථාවක් අගමැතිනිය විසින් මගනොහැර කටයුතු කිරීම ද බිළිදා සමග සහභාගි වීම ද බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබේ.

මෙම බිළිදා ඉපදුණේ ද වාර්තා තබමිනි.

ඒ මව අගමැති ධුරයේ කටයුතු කරන අතරතුර කාර්යාලයේදීය.

බිළිදා ඉපදීමෙන් පසුව කිසිදු විශේෂ ආරක්ෂකයකු හෝ පෞද්ගලික රෝහලකට නොගොස් මව හා දරුවා පියා විසින් සිය පෞද්ගලික මෝටර් රථයේම රජයේ රෝහලකට ගෙනයාම ලෝකයම කතාබහට ලක්කිරීමට හේතුවිය.

එම බිළිදාම ජගත් මහා මණ්ඩලයට සහභාගි වූ පළමු දරුවා වීම ද ඉතිහාසයට එක්වනු ඇත.

 

_103564380_mediaitem103564379 180925114410-jacinda-ardern-baby-un-02-exlarge-169 wo25-UNGA-Ardern-baby 10302780-3x2-700x467 Dn4Sz_fX0AAneuC