තමන්ට නියම වූ මරණ දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුත‍්‍රයා රවිඳු ඇතුළු විත්තිකරුවන් 6 දෙනකු විසින් ගොනුකළ විශේෂ අභියාචනා පෙත්සම් ලබන 2019 ජනවාරි 29 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියමිතය.

මොහොමඞ් ෂියාම් ඝාතන නඩුවට අදාළව වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් තීන්දුව දෝෂ සහගත බැවින් අදාළ තීන්දුව ඉවත දමා තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් විත්තිකරුවන් එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඉෂාර රත්නකාර