වත්මන් රජය යටතේ දිනෙන් දින උල්ලංඝනය වන පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට අද දින සංදේශයක් බාර දී තිබේ.

එ් ජගත් ශ‍්‍රී ලාංකීය එකමුතුව හා පාරිභෝගික අයිතීන් සුරැුකිමේ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව ය.

සංදේශය බාරදීමෙන් පසු මාධ්‍ය අමතමින් ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා කියා සිටියේ ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් කමිටුවට බාරදෙන චෝදනාවකට පිළිතුරක් ගැනීමට මාස ගණනාවක් ගතවන අතර රජයේ අකාර්යක්ෂමතාවට වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ ජනතාවට බවයි.

වත්මන් රජය බලයට පත් වූ වහාම සිදුකල මහබැංකු බැඳුම්කර මගඩිය නිසා සිදුවූ රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පාඩුව අසීමිත ලෙස බදු වැඩි කිරීමි හරහා ජනතාවගෙන් අයකිරීමට රජය කටයුතු කරන බව ද ඔවුහු පෙන්වාදුන්හ.

වත්මන් රජය බලයට ආ පසු හඳුන්වාදුන් ‘තොරතුරු දැනගැනීමේ පනත‘ අද පුස්සක් බවට පත්වී ඇති බව පෙන්වාදුන් මදුශාන් හරීන්ද්‍ර මහතා චෝදනා කලේ තෙල් මිල සූත‍්‍රය රහසක් වශයෙන් තබාගැනීමෙන් ලංකාවේ ජනතාවගේ පාරිභෝගික අයිතීන් කඩවී ඇති බවයි.

මානව හිමිකම් කාර්යාලයට ලංකාවේ පාරිභෝගික අයිතීන් කඩවීම් පිලිබඳ දැනුවත් කිරීම සඳහා සංදේශයක් ඉදිරිපත් කරනා ලද්දේ ප‍්‍රථම වරටය.