ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය වැලැක්වීමේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිපත්තිය නොතකා ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත් කිරීමෙන් මානව හිමිකම් කවුන්සිලය බරපතල වරදක් කර ඇති බව ජගත් ශ‍්‍රී ලාංකීය එකමුතුව පවසයි.

ඔවුන් මේ බව පැවසුවේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධිත මාධ්‍යවේදීන්ගේ ආරාධනයෙන් ශ‍්‍රී ලාංකික පුරවැසියන් නියෝජනය කරමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළ ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වමිනි.

එහිදී මෙරට වත්මන් මානව හිමිකම් තත්වය හා 2015 දී සම්මත වූ 30/1 යෝජනාව ගැන පැහැදිලි කිරීමට ජගත් ශ‍්‍රී ලාංකීය එකමුතුව කටයුතු කර තිබේ.

ජගත් ශ‍්‍රී ලාංකීය එකමුතුව නියෝජනය කරමින් ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ප‍්‍රතිබා මහානාමහේවා, මහාචාර්ය මහමට් ගුසෙල් කරුණු දැක්වූ අතර නිමලා ලියනපටබැදි, මදුශාන් හරීන්ද්‍ර, අරුන වරුසහෙන්දි සහ රොෂාන් වීරපුර ප‍්‍රවෘතී සාකච්ඡුාවට සහභාගි විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් ලාංකීය එකමුතුව පැවසුවේ සිදුවූ වරද නිවැරදි කිරීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති එකම මග කොටි ත‍්‍රස්තවාදීන්ට එදා මුදල් සැපයූවන්ට එරෙහිව ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට එරෙහිව එක්සත් ජාතීන් විසින් 1999දී සම්මත කරගත් නීතී රිති යටතේ ප‍්‍රති-යොජනාවක් සම්මත කිරීම බවය.

UN press UN press 1