වීඩියෝවේ සිටින්නේ ලොව කුඩාම ආරක්ෂක අංශ සාමාජිකයන් ය.

ඒ දින 45ක් වයසැති පුංචි බලු පැටවුන් පිරිසකි.

චිලී රාජ්‍යයේ පසුගියදා පැවැති ජාතික සැමරුමකදී හමුදා උත්තමාචාර සිදුකළ අවස්ථාවේදී මේ බලු පැටවුන් යන්නේ එරට පොලිස් සුනඛ පුහුණු ඒකකයේ කාන්තා පොලිස් සාමාජිකාවන්ගේ අත්ල තුළ රැුඳී ගෙනයි.

9500ක් පමණ ආරක්ෂක අංශ සාමාජිකයන් සහභාගි වූ මෙම සැමරුමේ බලූ පැටවුන්ගේ පෙළපාලිය ලොව පුරා කාගේත් කතාබහට ලක්විය.

1810 වසරේදී ස්පාඤ්ඤයෙන් චිලී රාජ්‍යය ස්වාධීන වීමේ 208 වැනි සැමරුම අති උත්කර්ෂවත්ව සැන්තියාගෝහිදී සැමරුණු අවස්ථාවේදී මෙය දැකිය හැකි විය.