එල්.ටී.ටී.ඊ.යේ නිල නොවන රාජ්‍යය බව කියාගන්නා දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය විසින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පසුගියදා විශේෂ සැසිවාරයක් පවත්වා තිබේ.

එහිදී ඔවුන් එක හ¾ඩින් ප්‍රකාශ කර ඇත්තේ ඉතා ඉක්මනින් එල්.ටී.ටී.ඊ. රාජ්‍යයක් බිහි කිරීමට කටයුතු කරන බවයි.
ඉකුත් සතියේදී පැවැත්වූ මෙම සැසි වාරයෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග මේ පිරිස සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය ඇතුළු රටවල් දහසයක සිට පැමිණි කොටි හිතවාදීන් මේ සඳහා සහභාගි වී තිබේ.

ඊජ්ඊජ් නමින් කොටි හිතවාදීන් රූපවාහිනී සේවයක්ද ආරම්භ කර ඇත.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්