ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන්  ඉවත්වීමට කටයුතු කරන තුරු එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැුස්වීම්වලට සහභාගි නොවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව සාකච්ජා ආරම්භ කරන තුරු ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා
රැුස්වීමට සහභාගිවීමෙන් පළක් නොමැති බවත් ඒ අනුව එම රැුස්වීම් තාවකාලිකව වර්ජනය කරන බවත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම  මේ වන විට එම පක්ෂයට ලිඛිතව දැනුම්දී ඇති බවද වාර්තා වේ.

මෙතෙක් එම දැනුම්දීමට පක්ෂය වෙතින් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව ආණ්ඩුවෙන් ඉවත්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ  චන්දිම වීරක්කොඩි මහතා රිවිර ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

පක්ෂ සම්මේලනයට පෙර ශ‍්‍රීලනිපය වහා ආණ්ඩුවෙන් ඉවත්විය යුතුය යන්න තම කණ්ඩායමේ ප‍්‍රධානතම ඉල්ලීම වන බවත් වීරක්කොඩි මහතා පැවසීය.

පැතුම් වික්‍රමරත්න