ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 25 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය ඇමැතීමට නියමිතය. මෙම සැසියට සහභාගි වීම ජනාධිපතිවරයා සෙනසුරාදා (22* නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.

ජනාධිපතිවරයාගේ විශේෂ දේශනය අතරතුර එරට වේලාවෙන් දහවල් 12ත් 2ත් අතර කාලයේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි. මෙවර සැසියේදී ශ‍්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ජගත් මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් මෙරටට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබාගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානි නොවන අයුරින් කටයුතු කිරීම පිළිබ`දව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා වෙත එල්ල වී ඇති චෝදනා සුහදශීලීව විසඳා ගැනීමට මෙම යෝජනාව තුළින් හැකියාව ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

එමෙන්ම පසුගිය යුද සමයේදී දෙපාර්ශ්වය අතර සිදුවූවා යැයි පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබ`ද තවමත්ගැටලූ රැුසක් ඉතිරිවී ඇති බැවින් එ්වා සුහදශීලිව විස`දාගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා පසුගියදා පවසා තිබුණි.

දේශනයෙන් අනතුරුව මෙම යෝජනාවලිය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබ`ද කොමසාරිස්වරිය වෙත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ලිඛිතව භාරදීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිය පසුගිය 18 වැනි දා ඇරඹුණු අතර එහි ප‍්‍රධාන සභාවාරය වන රාජ්‍ය නායකයන්ගේ සමුළුව පැවැත්වෙන්නේ ලබන 25 වැනිදාය.

සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා, ජගත් මහලේකම්, පොදුරද මඩුලූ මහලේකම්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡුා කිරීමට ද නියමිතය.

එමෙන්ම පසුගිය 10 වැනි දා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිවාරය ලබන 28 වැනිදා දක්වා පැවැත්වේ.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි