ලෝකයේ කුඩා රාජ්‍යයක්ව පැවැතිය ද විවිධ පැතිකඩවලින් ජාත්‍යන්තරය හමුවේ අභිමානයක් අත්කරගෙන සිටි ශ‍්‍රී ලංකාවට දශක 3ක් තිස්සේ බැට කෑ ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව කීර්තියක් වෙනුවට කළු පැල්ලමක් එක් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදීය. දුෂ්කර, අසීරු මානුෂීය මෙහෙයුමක් අවසන් කළ පසුව මෙහෙයුම අතරතුර සිදුවූවා යැයි පවසමින් විවිධාකාරයේ අසත්‍ය චෝදනා ගොන්නකින් මෙරට කීර්තිය, ලෝකය හමුවේ අමු අමුවේ පාගා දැමීමට වෙර දරන්නන්ගේ තෝතැන්න වන්නේ ද එම කවුන්සිල සැසිවාරයයි. වසර ගණනක් තිස්සේ තවමත් ඔවුන් බොරුව ඇත්ත කිරීමේ වීඩියෝ සාක්ෂි සොයමින් අපමණ වෙහෙසක් ගන්නේ, ඔවුන් නියෝජනය කරන බව කියන මිනිසුන් ද රවටා ඔවුන්ගේ ජීවිතද ඇපයට තබා කොටි හිතවාදීන්ගේ කළු සල්ලි මත බල්ටි ගැසීමටය.

සුපුරුදු පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිවාරය පසුගිය 10 වැනිදා ආරම්භ වූයේ සුපුරුදු පරිදි ශ‍්‍රී ලංකාවට චෝදනාවක් ද කරමිනි. මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් පදවියට අලූතින් පත්වූ මිචෙල් බැචලියට් හීනියට ලංකාව කෙනිත්තුවේය. එ් සිය ආරම්භක දේශනයේදීය. ”විනිවිදභාවයෙන් යුතු යුක්තිය ඉටුකිරීමේ කර්තව්‍ය සඳහා ශ‍්‍රී ලංකාවේ බලධාරීන් කරන කර්තව්‍යය ඉතා සෙමෙන් සිදුවන බව පෙනී යන්නක්.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය සිය කර්තව්‍යයන් ආරම්භ කර තිබෙනවා. අප අපේක්ෂා කරන්නේ කාර්යාලීය කටයුතු ඉක්මනින් සිදුකළ යුතු බවයි. අතුරුදන්වූවන්ගේ පවුල් සඳහා කඩිනමින් විසඳුම් ලබාදිය යුතුයි. රටට දිගුකාලීන සමෘද්ධියක් ලබාදීමට නම් වගවීමේ හා සත්‍ය ගවේෂණ කි‍්‍රයාවලීන් ද වහාම පිහිටුවිය යුතුයි” යනුවෙන් පවසමිනි. මින් පෙර කටයුතු කළ සෑම මහකොමසාරිස්වරයකුටම මෙහිදී ශ‍්‍රී ලංකාව ගැන කියන්නට දෙයක් තිබුණි. මේ තාක් අප ඇසූයේ ‘තවමත් කර නැහැ’ වැනි කතාය. ඔවුන්ගේ නිර්දේශ ඔස්සේ මීට පෙර උගත් පාඩම් කොමිසම පිහිටුවූ අවස්ථාවේදී ද ඔවුන් පැවසුවේ එය පිහිටුවීම ගැන සතුටු වන නමුත් සෙසු නිර්දේශ කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළකිරීම්ය. කෙසේ හෝ ඔවුන් කියන දෑ කරන විට අසන්නට වෙන්නේ ‘ඉතා සෙමෙන්’ නැතිනම් ‘වේගය මදි’ වැනි අඩුපාඩුම පමණි.

මෙවර මානව හිමිකම් සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියි. මෙම සැසිවාරයට සමගාමීව මානව හිමිකම් කාර්යාලයේ කමිටු කාමරවලදී අතරමැදි සාකච්ඡුා, විවාද, හමුවීම් ආදිය පැවැත්වේ. එ්වා තුළ කොටි හිතවාදීන් පැමිණ, තමන් විසින් සූදානම් වී ආ රඟ දැක්වීම් මෙවරත් වරින් වර කර තිබෙනු අපිට අසන්නට ලැබුණි. යස්මින් සූකා සහ දරුස්මාන් වාර්තා පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් වී ඇති සමූල ඝාතන චෝදනා අසත්‍ය බව තහවුරු කිරීම සඳහා ගෝලීය දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකික සංසදය කැඳවා තිබූ විශේෂ අතුරු සැසියේදී වූ සිද්ධියක් ද වාර්තා විය. ගෝලීය දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න එය කැඳවා තිබුණි. මෙම සැසියේදී මූලික කරුණු දැක්වූ බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි ඉන්දික ගුණසේකර හා කැනඩාවේ සිට පැමිණි ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි මූලික අදහස් දැක්වීම් කළ අතර කොටි හිතවාදියකු ලෙස ප‍්‍රකට බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් වේලි මෙරට හමුදාවට එරෙහි අසත්‍ය චෝදනා එල්ල කර තිබේ. දීර්ඝ කලක් තිස්සේ එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධාන සමඟ කටයුතු කර ඇති ඔහුගේ චෝදනාවලට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය චන්න ජයසුමන මහතා දිගින් දිගටම පිළිතුරු දුන්නේය. මෙරට නියෝජිත පිරිසගේ කරුණු දැක්වීම් හමුවේ තත්ත්වය අවාසිදායක බව තේරුම්ගත් ඬේවිඞ් වේලි ‘වෙනත් කටයුත්තක් ඇතැයි’ වහා නැගිට යන්නට ගියේ තවදුරටත් රැුඳී සිටින්නැයි මෙරට නියෝජිතයන් කළ ඉල්ලීමද නොසලකා හරිමින් බව වාර්තා විය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව කරන දෙමළ සමූල ඝාතන චෝදනාවට පිළිතුරු දුන්නේය. ”බොහෝ කලක සිට උතුරු පළාත් ප‍්‍රධාන ඇමැති විග්නේශ්වරන් සහ කොටි හිතවාදී පිරිස්, ලාංකික ජනතාව දෙමළ ජාතියට එරෙහිව සමූල ඝාතන කළැයි චෝදනා කරනවා. ඔවුන් පසුගිය මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ හට ලිපියක් යවමින් දන්වා සිටියේ දෙමළ ජනතාව එදා වගේම අදටත් සමූල ඝාතනයට ලක්වෙමින් සිටිනවා කියලා.

තමන්ට ලැබුණු දේශපාලන බලය යොදා ගනිමින් දෙමළ සිංහල ජනතාව තුළ වෛරය පැතිරවීමට කරනවා. කොටි ත‍්‍රස්තයින් සිංහල, මුස්ලිම් ජනතාවට එරෙහිව ත‍්‍රස්ත ක‍්‍රියා 304ක් දියත් කළා. දහස් ගණනක් එයින් මියගියා. ඔවුන් තමන්ට එරෙහිවූ තමාගේ ප‍්‍රතිපත්ති අගය නොකළ දෙමළ දේශපාලනඥයින්, රජයේ සේවකයින්, වෘත්තිකයින් 500 කට වඩා ඝාතනය කළා. අපට සමුල ඝාතන චෝදනා කරන මොවුන් උතුරේ ජීවත් වූ සිංහල, මුස්ලිම්වරුන්ට විරුද්ධව ජනවාර්ගික වශයෙන් වෙන්කිරීමට ඉවත්කරන්න අණකළේ පැය කිහිපයක දැනුම්දීමකින්. දෙමළ සමුල ඝාතනයක් දැනටමත් වනවා නම්, තමන්ගේ කැමැත්තෙන් දෙමළ ජනතාව සිංහලයින් වෙසෙන දකුණට දිනපතා සංක‍්‍රමණය වන්නේ කොහොමද? එසේවෙද්දී විග්නේශ්වරන් සිංහලයාට උතුරේ ජීවත්වීමට අයිතියක් නැතැයි නින්දිත ජාතිවාදී ප‍්‍රකාශ කරන්නේ කෙසේද?

අද වන විට බස්නාහිර පළාතේ දෙමළ ජනගහනය ඉතා වැඩි වී ඇති අතර හින්දු කෝවිල් 450කට වඩා තිබෙනවා. සිංහලයින් දෙමළ ජනතාව සමුලඝාතනය කරන්නේ නම් එසේ වන්නේ කෙසේද? (ඡුායාරූප පෙන්වමින්* අපේ හමුදාව අහිංසක දෙමළ ජනතාවට පිහිට වූ අයුරු. දෙමළ ජනතාව ලක්ෂ 3ක් පමණ මිනිස් පළිහක් සේ යොදා ගන්නා විට විග්නේශ්වරන් එම ජනතාව නිදහස් කරන මෙන් කොටි ත‍්‍රස්තයින්ගෙන් ඉල්ලා සිටියාද? ඔවුන් 2,95,000ක් ජනතාව බේරාගත්තා. මොවුන්ගේ මුහුණු බලන්න. දින ගණනාවකින් වතුර, කෑම ලැබී නැහැ, හමුදාවයි ඔවුන්ට ආහාරපාන සැපයුවේ. මේ වෙලාවේ විග්නේශ්වරන් සිටියේ කොහිද? සිංහල සෙබළු තම ජීවිත පරදුවට තබා දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමට 4,95,000ක් පුද්ගල නාශක බෝම්බ සහ 5000ක් ටැංකි නාශක බෝම්බ ඉවත් කරන විට ඔවුන්ට තේ කෝප්පයක්දීමට විග්නේශ්වරන් පැමිණියාද? 2,95,000ක් දෙමළ සරණාගතයින්ව රජය සියලූ පහසුකම් දී නැවත පදිංචි කරන විට එකදු දෙමළ දරුවෙක්ට පිහිටවීමට විග්නේශ්වරන්, සුමන්තිරන්, සිවාජිලිංගම් පැමිණියේ නෑ.

විග්නේශ්වරන්, සුමන්තිරන්, සම්පන්දන්ගේ එකදු දරුවෙක් හෝ මුනුබුරෙක් කොටි සංවිධානයට එකතු වුයේ නෑ. ඔවුන් කොටි සංවිධානයට උදව් කළා පමණයි. මේ අය සමස්ත ලාංකික දෙමළ ප‍්‍රජාවටම නින්දාවක්” යනුවෙනි.

මේ අතර 2015 දී  ලංකාවට එරෙහිව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ 30/1 යෝජනාවලියට පාදක වූ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවට වැරදි අර්ථකථනයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමග යවන්නට ගන්නා උත්සහයක් පිළිබඳ ආචාර්ය නාලක ගොඩහේවා මහතා හෙළි කළේය. ඔහු මේ බව හෙළිකළේ මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා මුලසුන හෙබවූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය 20 වැනිදා පැවැති සමාන්තර සැසිවාරයක් අමතමිනි.

ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් යන විද්වතුන් දෙදෙනාගේ තර්කය වූයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඊට පෙර ලංකාවේ යුද තත්ත්වය  ‘ත‍්‍රස්තවාදය සමඟ සටන’ ලෙස හඳුන්වා තිබුණද මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ලබා දුන් විමර්ශන වාර්තාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය හඳුන්වා ඇත්තේ ‘රාජ්‍යය නොවන ආයුධ සන්නද්ධ කණ්ඩායමක්’ ලෙස මිස ‘ත‍්‍රස්තවාදී කණ්ඩායමක්’ ලෙස නොවන බවය. මේ නිසා ත‍්‍රස්තවාදයට මුදලින් ආධාර කළ අන්තවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ඇති ‘ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහන යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතාමතාම අසුරා ඇති’ බවයි. එවැනි තත්ත්වයක් යටතේ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මානව හිමිකම් සුරකින්නන් ලෙස පෙනී සිටිමින් ලංකාවට යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන අන්තවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ට ඔවුන්  එදා එල්.ටී.ටී.ඊ.යට මුදල් සැපයූවන් නිසා, ත‍්‍රස්තවාදීන් විසින් සිදු කළ සියලූ මනුෂ්‍ය ඝාතනවලට වගඋත්තර බඳින්නට සිදුවන බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය.

මෙවර මානව හිමිකම් සැසිවාරයේදීත් වරින් වර ශ‍්‍රී ලංකාවට විවිධාකාරයේ චෝදනා එල්ලවෙමින් පවතී. මේ අතරතුර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 25 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හිදී එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයට අලූතින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව පවසා තිබුණි. ජනාධිපතිවරයා පවසන පරිදි එම යෝජනාවට අන්තර්ගත වී ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය විසින්  මෙරටට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබාගැනීම පිළිබඳවය. රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානි නොවන අයුරින් කටයුතු කිරීම පිළිබ`ද යෝජනාය. මෙරට ආරක්ෂක හමුදා වෙත එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සුහදශීලීව විසඳා ගැනීමේ උත්සාහයකි. අපට එරෙහිව එල්ල වන චෝදනාවලට නිර්දේශ ඉදිරිපත් කරන යෝජනා වෙත සම-අනුග‍්‍රාහකත්වය දැක්වීම වැනි නොකළ යුතු බරපතළ දේ සිදුකළ මැති ඇමැතිවරු සිටි ආණ්ඩුවේ ප‍්‍රධානියා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුරදී, මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමම පැසසිය යුත්තකි. ලෝකයක් චෝදනා කරන කරුණුවලට ශ‍්‍රී ලංකාද්වීපයේම වගකීම තම කර මත ඇති රටේ නායකයා ලෙස ඔහුගේ උත්සාහයට රටේම ආශිර්වාදය හිමිවනු ඇත. එම යෝජනාව මානව හිමිකම් මහකොමසාරිස්වරියට ලිඛිතව භාරදීමෙන් පසුව ජනාධිපතිවරයා අපේක්ෂා කරන සහනය ලැබුණහොත් ඉදිරියේදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාර, අපගේ රණවිරුවන්ට ද රටේ ස්වාධීනත්වයට ද පවතින සාමයට ද තවදුරටත් බාධාවක් නොවනු ඇත.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි