ලෝකයම එක් මොහොතකට නැවතෙන තරමට විස්මිත සංසිද්ධියක් වූ සඳ ගමන සිදුවී වසර 50කට ආසන්න කාලයක් ගතවී ගොසිනි. 1969 ජුලි 11 වැනිදා සඳ ගමන සාර්ථකව නිම කළ ඇපලෝ 11 යානය ද ඉතිහාසයට එක්විය.

1972 දෙසැම්බර් මාසයේදී මිනිසුන් සඳට යැවුණු ඇපලෝ 17 මෙහෙයුමෙන් පසුව මේ දක්වා කිසිදු මිනිසකු සඳ මතට ගියේ නැත. මිනිසුන් වෙනුවට ගවේෂණ කටයුතු සියල්ල කළේ රොබෝවරුන්ය. පළමු මගී අභ්‍යාවකාශ යානය සඳ වටා යැවීමේ නාසා ආයතනයේ මෙම ව්‍යාපෘතිය ඉතිහාසයට අලූත් පිටුවක් එක් කරන්නට සමත් වී තිබේ. සඳ වෙත යාමට ගගනගාමීන්ට පමණක් ලැබී තිබූ සීමාවන් දැන් බිඳ දමා අවසන්ය. සඳට සමීප වීමට කැමති  ඕනෑම අයකුට එහි යාමට දැන් කාලය එළැඹ තිබේ.

2023 එ් තීරණාත්මක වසරයි. පළමු මගියා සඳට යැවීම වෙනුවෙන් මෙතෙක් නිපදවූ විශාලතම හා නැවත භාවිත කළහැකි ලෙස නිපදවූ අභ්‍යවකාශයානය පෞද්ගලික අභ්‍යාවකාශ යානා නිෂ්පාදකයකු වන ස්පේස්එක්ස් සමාගමේය. එය නමින් බීඑෆ්ආර් හෙවත් බිග් ෆෝල්කන් රොකට් ලෙස හැඳින්වේ. සඳ වටා යන පළමු මගී යානාවේ පළමු මගියා නිල වශයෙන් ප‍්‍රකාශයට පත්වූයේ පසුගිය 17 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී ස්පේස්එක්ස් මූලස්ථානයේදීය. ඔහු ජපාන ජාතික බිලියනපතියකු, ව්‍යවසායකයකු හා කලා නිර්මාණ එකතු කරන්නකු වන යුසාකු මයිසාවාය. මීට පෙර සංගීතඥයකු හා ඩ‍්‍රම්ස් වාදයකයකු වන 42 හැවිරිදි මයිසාවා අද වන විට ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු මෙන්ම විලාසිතා ලෝකයේ ඉහළින්ම සිටින ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙකි. ඔහුගේ වාර්ෂික දළ ආදායම ඇ.ඩො. බිලියන 2.5කි. සඳ නැරඹීමේ ගමනට ඔහු යන්නේ තනිවම නොවේ. ඔහු එ් සඳහා ලොව ඉහළ පෙළේ කලාකරුවන් පිරිසකට ද ඇරයුම් කර තිබේ. ලෝක සාමය ගෙන ආ හැක්කේ කලාවට පමණක් බව විශ්වාස කරන මයිසාවා විවිධාකාරයේ කලා නිර්මාණවල දැවැන්ත එකතුවක් හිමි අයෙකි. සඳ ගමනේ මයිසාවාගේ කණ්ඩායමට චිත‍්‍ර ශිල්පියෙක්, සංගීතඥයෙක්, විලාසිතා නිර්මාණකරුවෙක්, නර්තන ශිල්පියෙක්, ගත්කතුවරයෙක්, ඡුායාරූප ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් හා මූර්ති ශිල්පියෙක් ආදී කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය. ඔවුන් වෙනුවෙන් සියලූ බරපැන දරන්නේ මයිසාවාය. මෙම අපූර්වතම අත්දැකීම තනිවම විඳගැනීමට අවශ්‍ය නොවන බවත් ලෝකයේම සිටින සිහින දකින්නන් පෙලඹවීම සඳහා කලාවේ සෑම පැත්තක්ම ආවරණය වන පරිදි නිර්මාණකරුවන් ගෙනයාමට තමාට අවශ්‍ය බවත් මයිසාවා පවසා තිබේ. මෙය තම කුඩා කාලයේ සිට දුටු සිහිනයක් බව ද මයිසාවා පවසයි.

සඳ ගමනේ පළමු මගියා තෝරාගැනීම සඳහා පළමුවෙන් සලකා බැලූණේ ඉල්ලූම්කරුවන් අතුරින් එ් සඳහා වැය වන පිරිවැය දැරිය හැකි අයෙක් ද යන්නය. මෙම ගමනට මයිසාවා ඇතුළු කණ්ඩායමට යන මුළු වියදම පිළිබඳ ස්පේස්එක්ස් ප‍්‍රධාන විධායක නිලධාරියා නිශ්චිත අගයක් පිළිබඳ සඳහන් කර නැත. එහෙත් මයිසාවා පවසා තිබුනේ සඳ ගමනට සූදානම් කළ මුළුමහත් යානයම තමන් මිලදී ගත් බවත් පිරිවැය කොතෙක් වුවද එය කලාකරුවන් පිරිසට මුළුමනින්ම ‘නොමිලේ’ ගමනක් වනු ඇති බවත්ය. මගී සඳ ගමනේ ව්‍යාපෘතියට මූලික අදියරට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇතැයි ස්පේස්එක්ස් ප‍්‍රකාශකයා පවසා තිබුණි. සතියක කාලයක් පුරා සිදුකෙරෙන සඳ ගමනට අවශ්‍ය පුහුණුවීම මාස කිහිපයක් තිස්සේ ඔවුන්ට ලබාදීමට නියමිතය. මෙම කණ්ඩායම සමඟ සඳ ගමන යාමට පෙර 2022 වසරේදී බීඑෆ්ආර් යානය මිනිසුන් නොමැතිව සඳ වටා යැවීමට ස්පේස්එක්ස් විද්‍යාඥයන් කණ්ඩායම අපේක්ෂා කරයි. ඉන්පසුව මෙම කණ්ඩායම සහිතව ගමනට සහභාගි වීම 2023 වසරේදී සිදුකිරීමට අපේක්ෂා කළ ද නිශ්චිතවම අපේක්ෂිත දිනට යැවිය නොහැකි වනු ඇතැයි ද ඔවුන් සැක පළ කරයි. කෙසේවෙතත් 2024 වනවිට අනිවාර්යයෙන්ම සඳට යැවෙන පළමු මගී ගමන අවසන් වන බව ස්පේස්එක්ස් සමාගම පවසා තිබේ. දැනට නිපදවා ඇති දවැන්තම අභ්‍යාවකාශ යානාව වන මෙය මීටර් 118ක් දිගැති යළි භාවිත කළ හැකි ලෙස මිනිසුන් 100ක් හා ටොන් 100ක භාණ්ඩ එකවර රැුගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත. අමෙරිකාවේ නිෂ්පාදනය වන මෙම යානයේ මුළු ව්‍යාපෘතිය සඳහා දැනට ඇස්තමේන්තුගත පිරිවැය ඇ.ඩො. බිලියන 10කි.

මයිසාවා කැටුව යන කලාකරුවන් පිරිස ලවා සඳ ගමනෙන් පසු නිර්මාණ බිහිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් හා එය අඛණ්ඩව කරගෙන යාමේ අපේක්ෂාවක් මයිසාවාට ඇත. ඔහු එ් ස`දහා මේ වනවිටත් Dear Moon ව්‍යාපෘතිය අරඹා තිබේ. මගී සඳ ගමන ගැන සියලූ තොරතුරු හා පළමු කණ්ඩායමේ කලා කෘති පිළිබඳ ඔහුගේ ව්‍යාපෘතියට ඇතුළත් වේ.
සඳ ගමන සාර්ථකව අවසන් කොට ඊළඟ ඉලක්කය අඟහරු ග‍්‍රහයා වෙත යැවෙන පළමු මගී යානය ලෙස බීඑෆ්ආර් යානය අභ්‍යවකාශ ගත කිරීම බව ස්පේස්එක්ස් සමාගම නිවේදනය කර තිබේ.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Untitled-9Untitled-11