සිය ප‍්‍රදේශවාසීන් හා තමා දන්නා හඳුනන පිරිසක් ඉදිරියේ නිරුවතින් ඇවිදීමට සිදුවීම පේ‍්‍රමවතී තුළ මහත් ලැජ්ජාශීලීත්වය මුසු වූ ශෝකයක් ඇතිවන්නට වූ බව නම් නොඅනුමානය. සිය ජීවිතය තුළ දී මෙවන් අවමානයකට ලක් ෙවී යැයි ඇය විසින් කිසිදා සිතන්නට නැත. සෙමින් සෙමින් පේ‍්‍රමවතී නිරුවතින් කතරගම තැපැල් කාර්යාලය ඇතුළට ළඟා වෙමින් සිටියේ ලූතිනන්වරයා සහ අනෙකුත් නිලධාරීන් ඇය පසුපසින් පැමිණෙමින් සිටියදීය.

මෙලෙස  තැපැල් කාර්යාලයට ආසන්නවත්ම පේ‍්‍රමවතී හට නොසිතූ නිමේෂයකින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. එසැණින් යන්තම් ශරීරය වාරු කර ඇවිදිමින් සිටි ඇය ඇද වැටුණේ බලා සිටියවුන් ද භීතියට පත් කරමින්ය. එම වෙඩි පහරින් නොනැවතුණු සෙබළා සිය ඉහළ නිලධාරියාගේ අණ නැවත ලැබීමත් සමගම කි‍්‍රයාත්මක වූයේ සිය දෙවැනි උණ්ඩය ද පේ‍්‍රමවතීගේ සිරුර තුළින් ගමන් කිරීමට සලස්වමිනි. නමුත් එම උණ්ඩය පේ‍්‍රමවතීගේ ශක්තිමත් වූ ප‍්‍රාණය නිරුද්ධ කිරීමට සමත් නොවීය. සිය ගත අප‍්‍රාණිකව පොළොව මත  වැතිර තිබුණ ද සිය සිතෙහි තිබූ ශක්තිය නිසාම ඇයගේ හුස්ම පොද වා තලයට මුසු කිරීමට යකඩ උණ්ඩවලට නොහැකි වීම සොල්දාදුවා හා ලූතිනන්වරයා පමණක් නොව එහි සිටි අනෙක් පිරිස ද මවිත කරන්නක් විය.

තම උණ්ඩයටත් වඩා බලවත් වූ  ඇයගේ ශක්තිය පිළිබඳව කෝපයේ ගිනිදැල් විසිවන්නට වූයේ මින් අනතුරුවයි. පරාජය භාර ගැනීමට කිසි සේත් සූදානම් නොවූ ලූතිනන්වරයා ඇතුළු පිරිස ඇය ජීවිතය ඉල්ලා වැලපෙමින් සිටිය දී එල්ල කරන ලද තෙවැනි වෙඩි පහර ඇයගේ හිස පසාරු කොට ගියේ රාති‍්‍රයේ සිට පේ‍්‍රමාවතී විසින් වි`දින ලද වධ වේදනාවලින් සදාකාලිකවම නිදහස ලබා දෙමින්ය. මෙම අවසාන විනාඩි කිහිපය සිද්ධිය බලා සිටි පිරිසගේ නෙතගට නිතැතින්ම ක`දුළක් එක්කරන්නට වූ බව නම් නිසැකය.

මෙම රූමතියගේ ඝාතනයත් සමගම කැලඔුණු කතරගම ප‍්‍රදේශය නැවත සමනය වූයේ ඇයගේ ඝාතනය සම්බන්ධව නඩු විභාගය ආරම්භ වීම හා සැකකරුවන් අත්අඩංගුවට පත්වීම සියලූ දෙනාම  අපේක්‍ෂා කළ පරිදි සිදු විය.

මෙම නඩු විභාගය එකල නීති ක්‍ෂේත‍්‍රය තුළ පමණක් නොව දේශපාලන ක්‍ෂේත‍්‍රය හා මහජනතාව තුළද වඩාත් කතාබහට ලක් වූ සිදුවීමක් වූයේ පේ‍්‍රමවතී තරුණිය ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිනියක ලෙස නම්කොට තිබීමත්  ඇය කතරගම ප‍්‍රදේශයේ රූමතිය ලෙස කිරුළු පැල`දීමත් යන කරුණු හේතු කොටගෙනය.

නඩු විභාගය ආරම්භ වීමත්  සමගම චූදිතයන් දෙදෙනකූට විරුද්ධව අධි චෝදනා පත‍්‍ර ගොනුකර තිබිණි. ඉන් එක් අයකු ලෙස 3 වන ගැමුණු බළකායට අනුයුක්තව ශි‍්‍ර ලංකා යුද හමුදාවේ ස්වේච්ඡුා භට අනු කණ්ඩයේ ලූතිනන්වරයකු ලෙස  සේවය කළ විජේසූරිය යන නිලධාරියාත් අනෙක් චූදිත ලෙස ස්වේච්ඡුා භටයකු ලෙස  සේවය කළ අමරදාස රත්නායකත් නම් කොට තිබිණි.

මෙම චූදිතයන් දෙදෙනාට විරුද්ධව චෝදනා දෙකක් ගොනු කර තිබූ අතර පළමු චෝදනාව ලෙස පේ‍්‍රමවතී  මනම්පේරි යන අය අර්ධ ස්වයංක‍්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම හා දෙවන චෝදනාව ලෙස  ඇයට බරපතළ තූවාල කිරීමට ලක් කිරීමයි. මෙම වැරදි දෙකම කතරගම ප‍්‍රදේශයේදී 1971 වර්ෂයේ අපේ‍්‍රල් 17 වැනි දින උදෑසන සිදු කර ඇති බවටත් ඇයගේ හිසට හඳුනා නොගත් සොල්දාදුවකූ විසින් එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයකින් මිය ගිය පසු ඇයගේ සිරුර හිස් ඉඩමක වළලා ඇති බවටත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය කරගනු ලැබීය.

නඩුව ආරම්භයේදීම මෙම නඩුවට අදාළ තත්ත්වය තේරුම් ගැනීමේ හො`දම ක‍්‍රමය ලෙස  1971 වර්ෂයේ අපේ‍්‍රල් 17 වන දින කතරගම හා ඒ අවට ප‍්‍රදේශයේ තත්ත්වය පිළිබඳව හෙළිදරව් කර ගැනීම වඩාත් උචිත යැයි අධිකරණයට මේ වන  විටත් හැ`ගී ගොස් තිබුණි. මෙහිදී කර්නල් නුගවෙල මහතා එවකට හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සම්බන්ධිකාරක නිලධාරියා ලෙස කටයුතු කරන ලද පුද්ගලයා වූ අතර එම නිලධාරියාගේ සාක්‍ෂිය වැදගත් බව පෙනෙන්ට තිබිණි.

නුගවෙල මහතා අපේ‍්‍රල් 11 වන දින සවස 4 පමණ වන විට හම්බන්තොට ප‍්‍රදේශයට ළඟා වූයේ මේජර්වරයකු, ලූතිනන්වරුන් දෙදෙනකූ හා තවත් 30ක පමණ භට පිරිසකගෙන් යුතුවය. මේ අතර තිස්සමහාරාම ප‍්‍රදේශයට යොදවා තිබූ නිලධාරින්ගෙන් එක්  එක් අයකූ වූයේ විජේසූරිය යන නිලධාරියාය. නුගවෙල මහතාට අනුව අපේ‍්‍රල් 11 වැනිදා වන විට තංගල්ල. හම්බන්තොට හා තිස්සමහාරාමයේ තත්ත්වය ඉතා බරපතළ බව පෙනෙන්නට විය. ආහාර හා වාහන ඉන්ධන සැපයුම අඩාළ වීම නිසා පොලිස් හා හමුදා නිලධාරීන්ගේ ගමන් බිමන්  යාම ඉතා සීමා සහිත විය. ඔහුට අනුව කතරගම තත්ත්වය ඊටත් වඩා බරපතළ වී තිබුණේ කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට එම ප‍්‍රදේශය නතුව තිබූ නිසා සිවිල් පාලනය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී තිබූ නිසාවෙනි.

මේ අතර කතරගම පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් හට අපේ‍්‍රල් 05 හා 06 වැනි දිනයන්හි කැරළිකරුවන් විසින් ප‍්‍රහාර එල්ල කොට තිබුණි. මෙම සිදුවීමෙන් පසු කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් ද සමග එම ප‍්‍රදේශය අතැර හම්බන්තොට ප‍්‍රදේශයට පැමිණ සිටියහ. මේ අතර අපේ‍්‍රල් 16 වන දින නුගවෙල මහතා ඇතූළු පිරිස තීරණය කර තිබුණේ කතරගම ප‍්‍රදේශය කැරළිකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා ප‍්‍රහාරයක් දියත් කළ යුතු බවටයි. මේ අනුව ලූතිනන් විජේරත්න ඇතූළු පිරිසක් කතරගම ප‍්‍රදේශය වෙත පිටත් කර හැරිය අතර ලූතිනන්වරයා ඇතූළු පිරිස දින 11කට පසු කතරගම ප‍්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබුණි.

මේ අතර නැවත පොලිස් නිලධාරීන්ට කතරගම ප‍්‍රදේශය වෙත පැමිණීම  සඳහා නියෝග ලබා දී තිබුණි. අපේ‍්‍රල් 16 වැනි දින උදෑසන 9ට පමණ පොලිස් ස්ථානාධිපති උඩවත්ත  ඇතූළු නිලධාරීන් 3 දෙනකු ලීලාවතී අබේසිංහ නමැති පේ‍්‍රමවතී මනම්පේරි තරුණියගේ මවගේ නිවසට පැමිණ බලහත්කාරයෙන් පේ‍්‍රමවතී තරුණිය කතරගම ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුර වෙත රැුගෙන ගොස් ඇත.

පේ‍්‍රමවතී සමග තවත් තරුණියන් හතර දෙනකු හමුදා කඳවුර වෙත රැුගෙන විත් ඇති අතර මොවුන් කැරළිකරුවන් වශයෙන් හඳුනාගෙන ඇති බව ලූතිනන්වරයා ඇතුළු නිලධාරීන් ඔවුන්ගේ ඥාතීන් වෙත පවසා ඇත.

මේ අතර මෙම නඩුෙවී තවත් සාක්‍ෂිකරුවකු වූ ඔලිවර් සිල්වා අපේ‍්‍රල් 17 වැනි දින උදෑසන ලූතිනන් විජේසූරිය පේ‍්‍රමවතීගෙන් දීර්ඝ ලෙස  ප‍්‍රශ්න කරනු දුටු බවත් ඉන් අනතුරුව ඇය නිරුවතින් පාරේ ගමන් කරමින් සිටින විට ලූතිනන්වරයා විසින් ඇයට ශබ්ද නගා ‘මම සියලූම පන්ති 05ටම සහභාගි වූ බවට’ කියන්න යැයි  අණකළ බවට ප‍්‍රකාශ කර සිටින ලදී. මේ අතර ඔහු වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කර සිටියේ අපේ‍්‍රල් 17 වැනි දින උදෑසන වන විට තත්ත්වය සාමකාමී බව පෙනෙන්නට තිබූ බවයි.

මේ අතර මෙම සිද්ධිය ඇසින් දුටු සක්‍ෂිකරුවන් වූ ඔලිවර් සිල්වා, ඞී. ඞී. පෙරේරා සහ ඇලඩින් යන අයට අනුව පේ‍්‍රමවතී හට සිය ඇඳුම් ගලවා දැමීමට විජේසූරිය නිලධාරියා විසින් බලකළ බවටත් ඉන් අනතුරුව ඇයගේ දෑත් හිස පිටුපසට කොට තබාගෙන නිරුවතින් ඇවිද්ද වූ බවටත් නඩු විභාගයේ දී අනාවරණය වී තිබුණි.

මෙසේ යාර 200ක් පමණ ඇවිද ගොස් තැපැල් ස්ථානය වෙත ළඟා වූ ඇයගේ ඉණට විජේසූරිය නමැත්තා විසින් පයින් ගසා වෙඩි තැබූ පසු ඇය බිම ඇද වැටී ඇත. එලෙස ඇද වැටුණු ඇය නැවත ඉතා අමාරුවෙන් නැගිට වැටෙමින් ඇවිදින්නට උත්සාහ කළ ද ඇය නැවතත් ඇද වැටී ඇත. පසුව විජේසූරිය නැමැත්තා  හමුදා කඳවුර වෙත පැමිණි පසු තවත් අයකු පැමිණ ඇය තවමත් ජීවතුන් අතර සිටී යැයි පැවසීමත් සමගම ඔහු විසින් දෙවැනි චූදිත ඇය වෙත නැවත පැමිණ  වෙඩි තබන ලෙස අණකොට ඇත.  මේ අණත් සමග කි‍්‍රයාත්මක වූ දෙවන චූදිත නැවත එම ස්ථානය වෙත ගොස් ඇයට වෙඩි තබා ඇත. ඉන් පසුව ඇලඩින් නමැත්තා හට ඇයට මිහිදන් කිරීම සඳහා වළක් කපන ලෙස  අණ දී ඇති හමුදා නිලධාරීන් ඇයව වළට දැමීමේදී ද ජීවතුන් අතර සිටි බැවින් ඒ අවස්ථාවේදී සොල්දාදුවකූ පැමිණ ඇයගේ හිසට නැවත වෙඩි තබා ඝාතනය කොට ඇය වැළලූ බව අධිකරණය වෙත ප‍්‍රකාශ කර සිටින ලදී.

මේ අනුව කරුණු සියල්ල සලකා බැලූ අධිකරණය විසින්  චූදිතයන් දෙදෙනාම චෝදනාවන්ට වැරදිකරුවන් ලෙස  තීරණය කළ අතර එක් එක් චූදිතයන්ට වසර 16 කට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදී.

මෙම තීන්දුව නිසා බොහෝ පාර්ශ්වයන් සතුටු වුවද කැරළිකරුවන් මෙල්ල  කරන ලද නිලධාරීන් දෙදෙනාට මෙලෙස  දඬුවම් දීම පිළිබඳව අසතුටු වූ පිරිස් ද නොසිටියේම නොවේ. නමුත් අවසානයේ පේ‍්‍රමවතී තරුණිය අකාලයේ මිය යෑමෙන් කම්පනයට පත්ව සිටි කතරගම ප‍්‍රදේශයේ බෙහෝ පිරිස් හට මෙම නඩු තීන්දුව මහත් වූ අස්වැසිල්ලක් වූ බව නම් කිව යුතුමය. පසුව මෙම තීන්දුවට එරෙහිව මෙම චූදිත නිලධාරීන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් සිදු කළ ද එය නිශ්ප‍්‍රභ වූයේ ඔවුන්ගේ ද`ඩුවම තහවුරු කරමින්ය.

මෙලෙස  සනිටුහන් වූ පේ‍්‍රමවතී මනම්පේරි තරුණියගේ ඝාතනයත් සමගම ලාංකීය ඉතිහාසය තුළ ජනපි‍්‍රයම කාන්තාවන් දෙදෙනකු වූ රුක්මණී දේවියත් පේ‍්‍රමවතී මනම්පේරිත් යන දෙපළගේ අකල් වියෝව ලාංකීය සමාජය තුළ නොමැකෙන සිදුවීම් ලෙස සනිටුහන්ව ඇත්තේ ඔවුන්ගේ රූප ස්වභාවය මත පමණක් නොව ඔවුන්ගේ චරිතයන්හි ගැබ්ව තිබූ මානුෂීය බව හා සමාජශිීලී බව නිසා යැයි යන්න තුළ දෝෂයක් නොමැත.

නීතිඥ කසුන්
‍පොන්නම්පෙරුම