ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන අතර නිරායාසයෙන්ම ඇහෙන නමක් තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ. ඔහුගේ රංගනයට වගේම රූපෙටත් ආදරේ කරන ඔහු ගැන තොරතුරු දැන ගන්න බලන් ඉන්න ආදරණීය රසික පිසක් ඔහුටත් ඉන්නවා. ඉතින් මේ ඔවුන් වෙනුවෙනුයි හර්ෂණගේ ඔහුගේ කාර්යබහුලත්වය අතරතුර වේලාවක් වෙන් කළේ…

* කොහොමද ඉතින් ජීවිතේ….?
ජීවිතේ හොඳයි… වරදක් නැතුව සතුටින් ගත වෙනවා.

* මේ දවස්වල මොකද වෙන්නෙ?
‍පොඩි ව්‍යාපාර අදහසක තමයි මේ දවස්වල නම් ඉන්නේ. ඒ වගේම ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. තවත් චිත්‍රපටයක වැඩකටයුතුත් සිද්ධ වෙනවා. ඊට අමතරව හිරගෙදර මූලික කර ගත්තු නිර්මාණයකට ලබන මාසේ අන්තිම වෙනකොට සම්බන්ධ වෙලා වැඩ පටන් ගන්න නියමිතයි.

* හර්ෂණත් විවිධ චරිත හොයාගෙන යන කෙනෙක්ද?
අපේ රටේ එක නිර්මාණයකින් පෙම්වතෙක් බිහි වුණොත් එයාම තමයි දිගටම පෙම්වතා. පිටරටවල වගේ අර විවිධ චරිත අපිට හරි දුලබයි.

* ඒ කියන්නේ අපේ නළු නිළියන්ට සීමා සහිත කරලද තියෙන්නෙ?
එක අතකින් බලන කොට කලාකරුවාගේ නිදහස යම්තාක් දුරකට සීමා වෙලා තියෙනවා දකින්න පුළුවන්. මේ ක්‍රමවේදය ඇතුළේ ඉන්දීය හෝ වෙනත් රටවල නළු නිළියන්ට තියෙන නිදහස ඒ විදිහටම අපිට නෑ. අපේ කලාකරුවො දක්ෂයි. හොඳ නිර්මාණ බිහි වෙනවා. නමුත් පිටපතක් හරි හැටි අධ්‍යයනය කරන්නවත් වෙලාව මදිකම සහ නිදහස නැතිකම හැම නිර්මාණයකම නොවුණත් ඇතැම් අවස්ථාවල දකින්න පුළුවන්.

* රිදී තිරයට හර්ෂනව අමතක වෙලා ගිහින්ද?
ඉතාමත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබිලා. ඒත් එක්ක වැඩ කළා මම. නමුත් කාලය අවම කර ගැනීමේ අරමුණින් නිර්මාණය එඩිට් වෙනකොට මම සහ තවත් කිහිප දෙනකුගේ චරිත මගහැරිලා තිබුණා. නව ඉදිරියේදී නිර්මාණයක් එන්න තියෙනවා. ඒ වගේම දැවැන්ත සිනමා නිර්මාණයක වැඩ කටයුතුත් ආරම්භ වීමට නියමිතයි.

* ඔබට කලාවේ යන්න ඕන අරමුණක් තියෙනවාද?
මම තවම ඉගෙන ගනිමින් ඉස්සරහට යන කෙනෙක්. තව ගොඩක් දේවල් තියෙනවා ඉක්මනින් ඉගෙන ගන්න. වයස අවුරුදු 35-40 වගේ වෙනකොට හොඳ අධ්‍යක්ෂවරයෙක් වීමේ සිහිනය මම ළඟ තිබෙනවා. ඒ වනතුරු ඉගෙන ගනිමින් රංගනයේ යෙදෙනවා.

* ඉගෙන ගන්න තරම් අවස්ථා අපේ රටේ තියෙනවාද?
අවස්ථා අඩුයි. අපිට ඇකඩමින් විදිහට රංගනය හෝ අධ්‍යක්ෂනය හදාරන්න අවස්ථාව ලංකාව ඇතුළේ හරි විරලයි. අපේ කලාකරුවා හුරුවෙලා ඉන්නේ තම උත්සාහයෙන් අධ්‍යයනයක යෙදෙන්න මමත් ඒ වගේ කෙනෙක්.

* ව්‍යාපාර ගැන හිතන්න යොමු වුණේ කලාව ප්‍රමාණවත් නැද්ද ආර්ථිකයට?
මගේ අදහස තියෙන්නේ ඛිධඵථඥබඪජඵ ඇත්තෙත් ව්‍යාපාරයක් කරන්න. ඒක මගේ හිතේ තිබුණු ව්‍යාපාර අදහසක්. තාම ලංකාවට ඇවිත් නැති විලවුන් සම්බන්ධවයි ව්‍යාපාරය කෙරෙන්නේ. අන්තර්ජාලය හරහා ෆේස්බුක් හරහා එකතු වෙලා බෙදාහැරීම් කරන ව්‍යාපාරයක් වෙයි මේක.

* ජීවිතේ ගත්තු තීරණ ගැන මොකද හිතන්නෙ?
මම හරි තීරණ හරි වෙලාවට අරන් තියෙනවා.
* ඒ කියන්නේ ගත්තු තීරණ ගැන පසුතැවීම් ඇත්තෙම නෑ?
මම කවදාවත් පසුතැවෙන කෙනෙක ්‍නෙවෙයි. විශේෂයෙන්ම අපි තීරණ ගන්න කොට ඒක හරියි කියලා හිතලා නම් යන්නේ දැන් කොහොමත් පසුතැවිලා තේරුමක් නෑ. හරි හෝ වැරදි වේවා ගත්තු තීරණ එක්ක ජීවිතයට මුහුණ දීමයි මම නම් දකින්නේ වැදගත්ම දේ හැටියට.

* ඔබ ජීවිතේ විඳින කෙනෙක්ද?
අනිවාර්යයෙන්ම. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒකෙනුත් භාගයක්ම අපි නිදි. ඉතිරි ටික වැඩ කරනවා. ඉතින් ලැබෙන කාලය අනුව මධ්‍යම ප්‍රතිපදාවේ සිට ජීවිතය විඳින කෙනෙක් මම. වනෝද වෙලා රට රටවල අත්දැකීම් එකතු කරගෙන මේ මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් මම.

* ඔබ ආපු දුර ගැන තෘප්තිමත්ද?
කිසිම දේකට වටෙන්නේ නැති මම මගේ ගමන ගැන තෘප්තිමත්. ධනාත්මකව හිතලා ඉස්සරහට යන කෙනෙක් හැටියට වෙන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම වෙනවා කියන විශ්වාසයෙන් මම වැඩ කරනවා. ඒත් එක්කම හරි පරිස්සමට හුස්ම අරන් ජීවිතේ ඉතුරු ටිකත් ගෙවන එක තමයි මගේ අරමුණ.

* ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු?
චිත්‍රපටයකට ඉදිරියේදී සම්බන්ධවීමට නියමිතයි. ඒ වගේම වේදිකාවට සම්බන්ධ වෙන්නත් අදහසක් තියෙනවා.

* තාම වේදිකා රංගනයට ඔබට ආරාධනා ලැබිලා නැද්ද එහෙනම්?
ආරෘධනා ලැබුණම මම හුස්ම ගන්න බැරි තරමට වැඩ එක්ක හිරවුණු අවස්ථාවල. නමුත් ඉදිරියේදී නම් ආරාධනාවක් ලැබුණොත් කොහොමහරි ඒ වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.

* ජීවිතේ ඉදිරි සැලසුම් මොනවාද?
සතුටින් නිදහසේ ජීවත්වීම තමයි තියෙන එකම සැලසුම.

නඳුනි ආරියවංශ