මේෂ
මිශ්‍ර ඵල සහිතයි. ඇසුරු කරන්නන්ගෙන් ගරු සැලකිලි ලැබේ.  තම අරමුණු ඉටුකර ගැනීමට මාර්ගය විවෘත වේ.  අධ්‍යාපනය ලබන්නන්ට  ශුභ  කාලයකි.  මහත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවේ. තමන් කරන දේ නව ආකාරයකින් දැකීමට පෙලඹේ. පරැණි ප්‍රේම සබඳතාවයක් නැවත ගොඩනැගීමට  පුළුවන. හදිසියේ අයිතිකර ගන්නා විවාහයකට  හේතුයි.  හිසෙහි බර ගතිය එහි වේදනාවන් සෙම් රෝග ඇතිවීමට බොහෝ විට ඉඩකඩ පවතී.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ
මිශ්‍රඵල සහිතයි. ප්‍රිය සම්භාසන සඳහා සහභාගි වීමට හේතු වේ. උසස් මිතුරන් ඇසුරට ලැබේ. මිල මුදල් හා තෑගි බෝග හිමිවීමට හැකිය. ලැබිම් සහ වියදම් සමව විය හැකිය අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. ශාස්ත්‍රීය කටයුතු තුළින් මහත් ප්‍රතිඵල ලබාගත හැකිය. අමාශගත රෝග හෝ උදරාබාධ ඇති විය හැකිය.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන
මිශ්‍ර ඵල සහිතයි.  ලාභ ඉපයෑමේ මාර්ගයන් පෑදේ. මිල මුදල් කෙසේ හෝ ලැබේ.  ඉගෙනීමේ කටයුතුවලට අවහිරතා පැමිණේ. එහෙත් ‍පොත පතට සිත් යොමුවේ. ව්‍යාපාරික කටයුතුවල කැපී පෙනෙන අයකු වේ. ස්වයං රැකියා කරන්නන්ට ඉන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය. ප්‍රේම සබඳතාතුළින්  ශුභ හෝ අශුභ සිදුවිය හැකිය. උදර ආශ්‍රිත තෙත් ගතිය සහිත රෝග සෑදෙයි. ආහාර ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය
මිශ්‍ර ඵල සහිතව රැකියා කරන ස්ථානයේ යම්කිසි කලකිරීම් ගති ඇතිවේ. හවුල් කටයුතුවලින් ලාභ ලැබේ. සතුරන් පරාජය වේ. ආදායම් සහ වියදම් පාලනයක් සහිතව ඉටු කරයි.  මූල්‍ය දුෂ්කරතා පහවී යයි. අධ්‍යාපනය තුළින් ජයග්‍රහණ අත්කර ගනී. ප්‍රේම සබඳතාවන්ට  පැවති බාධක පහවේ. සෙම් සහිත  රෝගවලට හේතුවේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය
ශුභ ඵල සහිතවේ. උද්යෝගයෙන් කටයුතු කරයි. ජීවිතයේ ස්ථිරත්වයක් පිළිබඳ අදිටන් කරගනී. මිල මුදල් ලැබිම් අතින් යහපත්වේ. වියදම් අධිකවේ. එය උරුමයෙන් කිසියම් දේපළකින් ලාභ ලැබේ. සිත් තැවුල් නිමාවේ. අවිශ්වාස පුද්ගලයින් හා කටයුතු කිරීමෙන් ගැටලු ඇතිවිය හැකිය. රැකියා කටයුතු සතුටින් සිදුකරයි. පපුවේ සෙම් සහිත රෝග සඳහා හේතුවේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය
මිශ්‍ර ඵල සාර්ථක වේ.  උත්සාහයේ තරමට ප්‍රතිඵල ළඟාකර ගැනීමට නොහැකිවේ. තම දැඩි තීරණ මත කටයුතු කිරීමෙන් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.  ඉවසීම මදකමින් බොහෝ දේ අවුල් සහගත විය හැකිය. බාහිර ගැටලු හේතුවෙන් රැකියාවේද බාධා විය හැකිය. අධ්‍යාපන කටයුතුවලට බාධක පැමිණේ. ප්‍රේම සබඳතාවන්ට විවිධ බාධක පැමිණේ. සෙම් රෝගවලට හේතුවේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. ආදායම් ලැබිම් අතින් යහපත් වේ. අයකර ගැනීමට තිබූ ණය තුරුස් ලැබේ.  ව්‍යාපාර කටයුතුවල නියැලෙන්නන්ට වාසි සහගතවේ. රැකියාවට තිබූ බාධක අවහිරතා ඉවත්වේ. ඉගෙනීමේ කටයුතුවලට  බාධා පැමිණේ. සෙල්ලක්කාර ගති  හේතුවෙන් අධ්‍යාපනයෙන් නිසි ඵල ලබාගැනීමට අ‍පොහොසත් වේ. වංකභාවය හේතුවෙන්  ප්‍රේම සබඳතාවන් බිඳී යාමට ඉඩකඩ පවතී. ආහාර අජීර්ණයන්ට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. අධ්‍යාපන කටයුතු තුළින් සාර්ථක ප්‍රතිඵල උදාවේ. නව ආදායම් මාර්ග විවර වේ. ආදායම් තත්ත්වය ඉහළයයි. අගහිඟකම් අඩුවේ. රහස් සතුරන් හේතුවෙන් කටයුතු අඩාළවේ. නිවසේ සමගියට බාධා ඇතිවේ.  උනන්දුව උද්්‍යෝගය අඩුවේ. අනවශ්‍ය වියදම් සහිතවේ. පපුවේ සෙම් සහිත රෝග හටගනී.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. ව්‍යාපාර කටයුතුවල තිබූ බාධක මගහැරෙයි. මිල මුදල් යහමින් ලැබේ. විදෙස් රැකියා සඳහා තිබූ බාධක මගහැරෙයි. නව රැකියා අවස්ථා උදාවේ. අධ්‍යාපනය කෙරෙහි තිබූ බාධක මගහැරී සිතට අස්වැසිල්ලක් ලැබේ.  ප්‍රේම සබඳතාවන්ට ශුභ කාලයකි.  ඥාතීන් වෙතින් විවාහාපේක්ෂකයින්ට ශුභ කාලයකි. හිසෙහි වේදනා සහගත බවක් හා සෙම් රෝගයන්ට හේතුයි.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. කටයුතු ඉතා බාධක මධ්‍යයේ ඉටු කිරීමට සිදුවේ.  රැකියාව කෙරෙහි තෘප්තිමත් වීමට හැකිවේ. විනෝදය හෝ විවේකය නොලැබේ. කලක  සිට  පැවති බලා‍පොරොත්තුවක් ඉෂ්ඨවේ. මිල මුදල්  ලැබිම් අතින් යහපත්වේ. පාලනයකින් වියදම් කරයි.  අධික වෙහෙස හේතුවෙන්සෙම් රෝගවලට හේතුයි.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ ආදායම් ඉපැයීම් මාර්ග ශක්තිමත් වේ. රැකියාවේ දක්ෂතා පෙන්නුම් කළ ද ඉන්  ප්‍රධානීන්ගේ සිත් සතුටු නොවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. එහෙත් එම බාධක ජය ගැනීමට හැකිවේ. තරග විභාග ආදියට ඉදිරිපත් වේ. අවිවාහකයින්ට විවාහ යෝජනා පැමිණේ. ස්ත්‍රීන් හෝ පුරුෂයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය වියදම්වලට හේතුවේ  නිශ්ඵල වියදම් ඇතිවේ.  පාදයේ කිසියම් රෝගයක් හෝ තුවාලයක්  ඇතිවිය හැක.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය
මිශ්‍රඵල සහිත වේ. කරන කටයුතුවලට  හිතවතුන්ගෙන් ආධාර උපකාර ලැබේ. විකිණීම් මිලට ගැනීම් තුළින් ලාභ ලැබේ. රාජකාරී කරන ස්ථානයේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. මිල මුදල් ලැබිම් අතින් යහපත් වේ.  රහස් කටයුතු සඳහා වියදම් කරයි. නිශ්ඵල වියදම් අධිකවේ. ඉගෙනීමේ කටයුතුවලට යම් යම් බාධා පැමිණේ. සිත් තැවුල් ඇතිවන හේතු බොහොමයක්ම ඇතිවේ. වෙහෙසකාරී ගමන් බිමන් යෙදේ. උෂ්ණාධික රෝගයන්ට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ayiranganee