කෙනකුගේ චිත්ත රේඛාව හරහා පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ චිත්ත ශක්තියේ ස්වභාවයයි. කෙනකුගේ අතක චිත්ත රේඛාව සෘජුව පිහිටා ඇත්නම් ඒ පුද්ගලයා තමන්ගේ මනසෙහි පවතින කරුණු කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන්නෙක් වෙනවා. මීට පෙරදී ස`දහන් කළාක් මෙන්ම චිත්ත රේඛාව මෘදුව පවතින පුද්ගලයන්ගේ මානසික වාතාවරණයන් වරින් වර වෙනස් වනවා. ඔවුන් විටෙක තමන් ගැනම සැකයක් ඇති කර ගන්නා ආකාරය දකින්නට ලැබෙනවා. මේ හේතුවෙන් නිරන්තරයෙන් වෙනස්වන මානසික තත්ත්වයන් ඔවුන්ට පවතිනවා.

විශේෂයෙන් චිත්ත රේඛාව කැඞී පැවතීම පුද්ගලයන්ගේ මානසික වාතාවරණය වරින් වර පහළ වැටෙන බව පෙන්නුම් කරන්නක්. ඔබගේ අත්ලෙහි චිත්ත රේඛාව දිගුව පවතී නම් එයින් අදහස් කරන්නේ තමන්ගේ ධාරණ ශක්තිය ඉහළ බවයි. ඒ වගේම මෙම දිගු චිත්ත රේඛා පවතින පුද්ගලයන් තුළ පවතින දුර්වලතාවක් වන්නේ ඔවුන් සුළු කරුණු සම්බන්ධයෙන් බොහෝ සිතනා ආකාරයයි. මෙසේ කරුණු සිතීම හරහා ඉතාම යහපත් අදහස් පවා විනාශ කරමින් කටයුතු කරගන්නා බව පෙන්නුම් කරනවා.

කෙටි චිත්ත රේඛාවක් සහිත පුද්ගලයන්ගේ පවතින ලක්ෂණයක් වන්නේ ඔවුන් ඉතාමත්ම වේගයෙන් තීන්දු තීරණ ගන්නා බවයි. ඔවුන් යහපත් නායකයන් වන බව පෙන්නුම් කරනවා. එමෙන්ම බොහෝ ධනවත් ව්‍යාපාරිකයන් තුළ පවතින්නේ මෙවැනි කෙටි චිත්ත රේඛායි. ඔවුන් වඩාත් ප‍්‍රායෝගික ඥානයකින් යුක්ත පුද්ගලයන් වනවා.
දූපත් පැවතීම
kasun-samarakon
චිත්ත රේඛාවේ දූපත් පැවතීම හරහා පෙන්නුම් කරන කාරණයක් වන්නේ ඇතැම් කාලවල පැමිණෙන බාධක තත්ත්වයන්. මෙම බාධක කාලයන් පිළිබ`ද පැවසුවහොත් තමන්ගේ මනසට මෙන්ම ශරීරයටද ගැටලූ ඇතිකරන බව පෙන්නුම් කරනවා. රූපයේ දැක්වෙන රතු පැහැ රවුම තුළ ඇත්තේ එවන් දූපත් ලකුණක්. දූපත් ලකුණක් පවතින කාලවකවානුව නිවැරදිව ගැණ ගත යුතු වෙනවා. එසේ ගැණ ගැනීම හරහා අපට එම පුද්ගලයාට ගැටලූවක් පැමිණෙන කාලවකවානුව නිශ්චිත කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම රූපයෙන් පෙන්නුම් කරන කාන්තාවගේ චිත්ත රේඛාවේ දූපත් සලකුණ විශාල ලෙස කැපී පෙනෙනවා. ඒ අනුව පෙන්නුම් කරන්නේ තමන්ගේ මනසට දැඩි පීඩාකාරී කාලයක් ඉදිරියට පැමිණෙන බවයි. මෙම කාලයේදී තමන්ගේ කටයුතුවල අඩපණ වීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් මනසට බලපාන විශාල ගැටලූවක් හරහා මාස කිහිපයක කාලයක් මෙම පුද්ගලයා පීඩා වි`දින බව පෙන්නුම් කරනවා.

නමුත් ඇතැම් අවස්ථාවලදී මනසට පමණක් නොව ශාරීරිකව බලපාන කරුණු වන හිසරද තත්ත්වයන් මෙන්ම ඇස් ආශ‍්‍රිත පෙනීමේ දුර්වලතාවන්ද මෙම දූපත් ලකුණු හරහා පෙන්නුම් කරනවා. මේ නිසා කෙනකුගේ අතෙහි දූපත් සලකුණු පැවතීමම ප‍්‍රවේශම් විය යුතු කරුණක්.