ජාතික අවශ්‍යතාවක්ව පවතින වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යය සදහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදෙමින් මිනුවන්ගොඩ කැම්සෝ ලෝඞ් ස්ටාර් ආයතනය විසින් ක‍්‍රියාවට නංවන ලද පුරන් කුඹුරු අක්කර 30ක ආදර්ශ ගොවිපළේ කටයුතු පසුගිය දා ආරම්භ කළේය.

මෙරට අංක එකේ අපනයනකරු ලෙස අඛණ්ඩව 4 වසරක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද මිනුවන්ගොඩ කැම්සෝ ලෝඞ්ස්ටාර් සමාගම විසින් ක‍්‍රියාවට නංවා ඇති ප‍්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් අංගයක් ලෙස ‘වසවිස නැති ගොවිතැන’ ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

වසර 30ක් තිස්සේ පුරන්ව පැවැති අක්කර 30ක භූමි ප‍්‍රදේශයක් මේ යටතේ අස්වැද්දීමට නියමිතය.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ කැම්සෝ ලෝඞ්ස්ටාර් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එහි ප‍්‍රථම අදියර ලෙස අක්කර 6ක් අස්වැද්දීම ආරම්භ කෙරිණි.

රසායනික පොහොරවලින් තොර වසවිස නැති ආහාර ප‍්‍රදේශයේ ජනතාවට සහනමිලට ලබාදීම අරමුණු කොටගෙන ආරම්භ කරන ලද මෙම ආදර්ශ ගොවිපළේ ප‍්‍රථම අදියර යටතේ වී සහ එළවළු වගාකිරීමට නියමිතය.

කැම්සෝ ලෝඞ්ස්ටාර් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී කොන්ඞ්රාඞ් ප‍්‍රින්ජස්, මිශ‍්‍රණ අංශ ප‍්‍රධානී සෙබස්තියන් ඞීමන්, මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යරක්ෂ සරත් කුමාර, කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානායක, මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ උපසභාපති සුජීව සම්පත් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ගොවිපළේ කටයුතු ආරම්භ කරන ලදී.

42160637_666187637098079_4550761391937552384_n 42157381_666185953764914_7315765636641062912_n 42174139_666184833765026_2427019442681544704_n 42249267_666186657098177_568041276373467136_n