සඳ වටා ගමන් කළ හැකි පළමු පෞද්ගලික මගී යානය ගුවන්ගත කිරීම සඳහා ස්පේස්-එක්ස් සමාගම ගිවිසුම් අත්සන් තබා තිබේ.

එ් අනුව මුලින්ම සඳ වටා යන පෞද්ගලික මගීන් පිළිබඳ ලබන 17 වැනිදා සිට දැනගත හැකි බව ස්පේස්-එක්ස් සමාගම පවසයි.

මෙතෙක් සඳ නිරීක්ෂණය සදහා ගොස් ඇත්තේ පුද්ගලයන් 24 දෙනකු පමණි.

නමුත් නව දැවැන්ත පියවරත් සමඟ ඕනෑම අයකුට සඳ වටා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට හැකියාව ලැබෙන බව එම සමාගම පෙන්වා දෙයි.

මෙම චාරිකාව සඳහා යොදාගනු ලබන්නේ අති නවීන බීඑෆ්ආර් අභ්‍යාවකාශ යානයයි.

එය ස්පේස්-එක්ස් සමාගම සතුව දැනට පවතින විශාලතම රොකට් යානය බව ද සඳහන් ය.

Rocket-lineup-2

Rocket-breakdown-2 SFR lineup