ඉන්දු-ලංකා මිතුදම පිළිබඳ පූර්ණ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ඉදිරියේදී අපගේ විදේශ ප‍්‍රතිපත්තියේ මූලික අංගයක් වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලෝක් සභා මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයකට අනුව නවදිල්ලියේදී පැවැති සමුළුවකදී විශේෂ දේශනයක් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා, ත‍්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා ප‍්‍රතික්ෂේප කර සිටියේ ය. යුද්ධයේදී ත‍්‍රස්ත සාමාජිකයන් ද ඇතුළුව මියගිය සංඛ්‍යාව 8000 නොඉක්මවූ බවත් 40,000ක් මියගිය බවට පවතින වාර්තා අසත්‍ය බවත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.

“මාගේ දර්ශනය තුළ ඉන්දියාව සමඟ වන මිත‍්‍රත්වය කියන්නේ තීරණාත්මක අංගයක්. එ් දෙරටටම ඇති සාමූහික උරුමයක්, සංස්කෘතික වටිනාකම් සමාන වීම නිසයි. විශේෂයෙන්ම අපේ ජීවිතයේ බොහෝ අංග ගොඩනැගී ඇත්තේ අතීතයට සම්බන්ධ බෞද්ධ සම්ප‍්‍රදායේ ප්‍රෞඪ බලපෑම නිසා. මේ නිසා ඉන්දියාව මෙන්ම ලංකාවට ද ඇත්තේ බොහෝවිට පොදු භාවිතාවන්. සියවස් ගණනක් තිස්සේ දෙරටේ ඇති සමීප මිත‍්‍රත්වය මෙන්ම ඉන්දියාව පිළිබඳ පූර්ණ අවබෝධය අපගේ විදේශ ප‍්‍රතිපත්තියේ මූලික අංගයක් වනු ඇත.”

IMG_9662 copy IMG_9625 (1) copy IMG_9736 copy IMG_9830 copy