ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකු ලෙස තම සොයුරා ඉදිරිපත් වීම එ්කාන්තයෙන් සිදුවිය හැකි වුවද ජනතාවට අවශ්‍ය කවුද තීරණය කළ යුත්තේ තම පක්ෂය සහ සන්ධානය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දියාවේ සංචාරයක නිරත මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත්තේ ‘ද හින්දු’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි.
19 වැනි ව්‍යවස්ථාවට අනුව තමාට ද ජනාධිපතිවරයකු ලෙස ඉදිරිපත් වීමට හැකියාව ඇතැයි අධිකරණය හමුවේ කරුණු දැක්වීමට වුවද තමන්ට හැකි වුවත් එවැනි අවදානමක් ගැනීම සම්බන්ධයෙන් තමා මෙතෙක් තීරණය කර නැතැයි ද හෙතෙම කියාසිටියි.
ජනාධිපති අපේක්ෂකයකු සඳහා නියමිත අවම වයස් සීමාව අවුරුදු 35 සපුරා නොමැති බැවින් තම පුත‍්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග වැදීමට නොහැකි බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.