උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් ඉන්දියානු පවුල් 250ක් නැදුන්කර්නි ගම්මානයේ පදිංචි කර ඇති බවට නැෙ`ගන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එ් සම්බන්ධයෙන් පළවන ඇතැම් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව කියාසිටියි.

මෙරට කිසිඳු ප‍්‍රදේශයක එවැනි විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බව රජය තහවුරු කරයි.

ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැුකවරණය පතා ගිය ශ‍්‍රී ලාංකිකයන් 10,675ක් 2009 වර්ෂයේදී එම ගැටුම් අවසන් වූ පසු සිය කැමැත්තෙන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම පුද්ගලයින් සියළු දෙනා ශ‍්‍රී ලාංකික පුරවැසියන් වන අතර ඔවුන්ගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.