”මම පොඩි කාලේ අහලා තියෙනවා යාපනයේ දරුවෝ ගෙදර විදුලිය නැති නිසා පාරේ වීදි ලාම්පු එළියෙන් පාඩම් කරලා උසස් අධ්‍යාපනය ලබලා රටේම වැදගත් තනතුරු වලට පත් වුණු පිරිස් හිටියයි කියලා. වර්තමානය ගත්තම හැම තැනම විදුලිය තියෙනවා. එහෙත් අද වන විට යාපනයේ අධ්‍යාපනය පිරිහීමට ලක් වෙලා. ඒ නිසා අධ්‍යාපනය පෙර පරිදිම නගා සිටුවන්න අලූත් දැක්මක් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. දේශපාලකයෝ කල්පනා කරන්නේ ඉදිරියට එන මැතිවරණය දිනන්නේ කොහොමද කියලායි. මම කල්පනා කරන්නේ අනාගත පරපුර හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත පුරවැසියන් කරන්නේ කොහොමද කියලා” යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා යාපනයේ වඩුක්කොඩෙයි හින්දු විද්‍යාලයේදී පැවසීය.

යාපනය හින්දු විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ද්‍රවිඩ බසින් අමතමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.