එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා මුළු ලොවටම අනතුරු ඇඟවීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී ඊයේ ඔහු මෙම අනතුරු ඇඟවීමෙන් පවසා තිබුණේ ලෝක කාලගුණය හා ස්වභාවික ආපදා සම්බන්ධයෙනි.

එ් සොබාදහම සම්බන්ධයෙන් ලෝකවාසීන්ගේ කි‍්‍රයාකලාපය 2020 වසර වනවිට වහා වෙනස් නොකළහොත් අප හිතනවාටත් වඩා වේගයෙන් වෙනස් වන කාලගුණයේ අහිතකර බලපෑමට පෙර නොවූ විරූ ලෙස මුහුණදීමට සිදුවන බවයි.

වර්තමානයේ ලොව මුහුණ දී සිටින කාලගුණ වෙනස්වීම හා ස්වභාවික ආපදා සම්බන්ධයෙන් ලෝක නායකයන් ආඝාතයට ලක්වී ඇති බවට ඔහු චෝදනා කර තිබුණි.

ලෝක කාලගුණ මධ්‍යස්ථාන සමීක්ෂණ වාර්තාවලට අනුව 1850 සිට ඉතිහාසගත කාලගුණ තොරතුරුවලට අනුව උෂ්ණත්වයෙන් වැඩිම වසර 3 ගෙවී ගිය වසර කිහිපය බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

එමෙන්ම මේ ගෙවීයන්නේ වාර්තාගත ඉතිහාසයේ උණුසුම්ම සිව්වැනි වසර බව ද ඔහු අවධාරණය කළේය.

කොරල් පර මියයාම, සමුදීය උෂ්ණත්වය ඉහළයාම, ග්ලැසියර දියවීම යන කරුණු හේතුවෙන් ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව ගුටේරස් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සමුද්‍ර ආම්ලිකතාව ද බෙහෙවින් ඉහළ යමින් පවතී.

ගෙවී ගිය වසර මිලියන 3ක කාලය තුළ වැඩි වශයෙන්ම වායුගෝලීය කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ද ඉහළ ගොස් ඇත්තේ මේ කාලයේ බව ද හෙතෙම අනාවරණය කළේය.

දැන් ඉතිරි වී ඇති ජල මූලාශ‍්‍ර ද ඉතා සීමිත වීම මෙම අර්බුදයට තව තවත් උග‍්‍ර කරවමින් සිටියි.

පවතින වැඩසටහන්වල අකාර්යක්ෂමතාවට චෝදනා කළ මහලේකම්වරයා සඳහන් කළේ ලෝකයම එක්වී ක්ෂණික වැඩපිළිවෙළකට නොගියහොත් ලෝකයම අනතුරේ හෙළීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි.