කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.

එ් මේ දිනවල සිදුකරන ඉන්දීය සංචාරය අතරතුරදීයි.

ඉන්දිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි කථානායකවරයා ප‍්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාව බලා පිටත් වී තිබිණ.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා අතර විනාඩි 45 ක පමණ දීර්ඝ ද්වීපාර්ශවික සාකච්ඡුාවක් සිදු විය.Hon. Speaker

ශ‍්‍රී ලංකා නියෝජිත පිරිසට විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, මනෝගනේෂන් යන මහත්වරුන් සහ ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මන්ත‍්‍රීවරුන්ද , පාර්ලිමේන්තු මහලේකම් දම්මික දසනායක මහතා ද සහභාගි වී සිටිති.