හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි අතර හමුවක් මේ සතියේදී පැවැත්වෙනු ඇති බව එරට වාර්තා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඒ ‘ශ‍්‍රී ලංකා ඉන්දියා මිතුදමේ ඉදිරි මග’ සමලුවට සහභාගි වීම ස`දහායි.

හිටපු ජනාධිපතිවරයා එහිදී දේශනයක් ද පැවැත්වීමට නියමිතය.

භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමි මහතාගේ මූලිකත්වයෙන් යුත් මෙම සමුළුව පැවැත්වෙන්නේ විරාත් හින්දුස්ථාන් සංගම්හිදීය.

සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්, යූපීඒ පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි හමුවීමට ද නියමිත බව එරට වාර්තා ස`දහන් කළේය.