මාස 06කට අධික කාලයක සිට ශ්‍රී ලංකා පාපන්දු පිල මහත් බලා‍පොරොත්තු සහිතව සූදානම් වී බංග්ලාදේශයට පැමිණ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී ඉන්දියාව සමග මුහුණ දුන් පළමු තරගයෙන් ගෝල 2.0ක පරාජයක් හිමිකරගන්නට සිදුවීම ශ්‍රී ලංකා පාපන්දු ලෝලීන් හට කනගාටුවට කරුණක් බව නිසැකය.

පාපන්දු ක්‍රීඩාව ඉතා ජනප්‍රිය බංග්ලාදේශයේ බංගබන්ධු  ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (06) මෙම තරගය පැවැති අතර ශ්‍රී ලංකාව විසින් ඊට දින 02 කට පෙර පැවැති සුහද  තරගයකදී බංග්ලාදේශ කණ්ඩායම ගෝල 1-0 කට පරාජය කිරීම නිසා උද්දාමයට පත් බංග්ලාදේශ පාපන්දු ලෝලීන්ගේ සහාය ද ඉන්දියාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට හිමිවී තිබුණි.

එහෙත් බංග්ලාදේශ හා ශ්‍රී ලංකා පාපන්දු ලෝලීන්ගේ බලා‍පොරොත්තු කඩ කරමින් ශ්‍රී ලංකාව ප්‍රබල ඉන්දීය පිල හමුවේ පරාජය  විය.  වර්තමාන ලෝක පාපන්දු ශේ්‍රණිගත කිරීම්වලට  අනුව ඉන්දියාව 96 වැනි ස්ථානයේ පසුවේ. ලෝකයේ පාපන්දු ක්‍රීඩා  කරන රටවල් 210ක් අතරින් 200 වැනි  ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවෙද්දී  ඉන්දියාවට ගෝල 2-0 කින් පරාජය වීම එතරම් බරපතළ කාරණයක් ලෙසට කිසිවකු විසින් සලකන්නේ නම් එය ශ්‍රී ලංකා පාපන්දු පිලට කරන බරපතළ  අසාධාරණයක් ලෙස ද තවත් කෙනකුට තර්ක කළ හැක.

මෙවර දකුණු ආසියානු පාපන්දු තරගවලියට එක්වී සිටින කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවට වඩා ශේ්‍රණිගත කිරීම්වලින් පහළ ස්ථානයක පසුවන්නේ පාකිස්ථානය (201) පමණි. සෙසු රටවල් වන ඉන්දියාව (96), මාලදිවයින (150), නේපාලය (165), භූතානය (183), බංග්ලාදේශය (194), ශ්‍රී ලංකාවට වඩා සැලකිය යුතු මට්ටමකින් ඉහළ මට්ටමේ පාපන්දු ක්‍රීඩා කරන රටවල්ය.

සිකුරාදා (07) ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගයයි. මාලදිවයින ශ්‍රී ලංකාවට වඩා පාපන්දු ශේ්‍රණි ගත කිරීම්වලින් හා වෘත්තිය මට්ටමින් ඉහළින් පසුවන රටකි. ශ්‍රී ලංකා  ජාතික  පි‍ලේ  දැල රකින්නා වන සුජාන් පෙරේරා මාල දිවයිනේ වෘත්තිය ක්‍රීඩකයකු මෙම තරගය ශ්‍රී ලංකාව  සාෆ්  තරගාවලින් තවදුරටත් රැඳී සිටිනවාද නැත්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරගයයි.

දැනට පැවැති තරගවලදී පාකිස්තානය ගෝල 2-1 කින් නේපාලයද, බංග්ලාදේශය 2-0කින් භූතානය ද, නේපාලය ගෝල 4-0 කින් භූතානයද බංග්ලාදේශය ගෝල 1-0 කින් පාකිස්තානය ද පරාජය කර ඇත.

සීවලී එදිරිවීර
බංග්ලාදේශයේ ඩකා නගරයේ සිට….

Untitled-17 Untitled-16 Untitled-15