ඕස්ටේ‍්‍රලියාවේ විදේශ අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ජූලි බිෂොප් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පසුගිය දා ඕස්ටේ‍්‍රලියාවේ වන අග‍්‍රාමත්‍යවරයා වශයෙන් තේරී පත් වුන ස්කොට් මොරිසන්ගේ කැබිනට්ටුවේ කටයුතු කිරීමට අකමැත්ත පළකරමින් ඇය මෙලෙස සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති.
මේ සම්බන්ධයෙන් ඇය ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ ඉදිරියේ දී පසුපෙළ මන්තී‍්‍රවරියක් වශයෙන් බටහිරි ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් හඩක් නැගීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර බොහෝ විට තමන් ඉදිරි මැතිවරණයේ දී තරග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවද ඇය සිය ලිපියේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Letter-Rivi