ජන්මියා උපතේ සිට මරණය දක්වා විවිධ කාලවකවානුවලදී මුහුණ දීමට සිදුවන විවිධ සිදුවීම් එක් එක් ග‍්‍රහයන්ගේ දසා කාල ස්වාභාවය අනුව නිර්ණය කරයි. ජන්මියාගේ උපතේ ස`දුගේ පිහිටීම පදනම් කරගෙන දසා කාල ගණනය කිරීමක් සිදු කරයි. ග‍්‍රහයන් නව දෙනා විවිධ කාලපරාසයන් තුළ ජන්මියාගේ ජීවිතයේ ගෙවී යන ආකාරය අනුව විවිධ සිදුවීම් සඳහා සුභ හෝ අසුභ ලෙස ජීවිතයට එකතු වේ. ජන්මියාගේ පරමායුෂ වසර 120ක් ලෙස සලකා ග‍්‍රහයන් නව දෙනා සඳහා කාල බෙදීම සිදුකර ඇත. මෙහිදී රවි ග‍්‍රහයා සඳහා වසර 6ක්ද ස`දු ග‍්‍රහයා සඳහා වසර 10ක්ද කුජ ග‍්‍රහයා සඳහා වසර 7ක්ද ගුරු ග‍්‍රහයා සඳහා වසර 16ක්ද බුධ ග‍්‍රහයා සඳහා වසර 17ක්ද සිකුරු ග‍්‍රහයා සඳහා වසර 20ක්ද ශනි ග‍්‍රහයා සඳහා වසර 19 ක්ද රාහු ග‍්‍රහයා සඳහා වසර 18ක්ද කේතු ග‍්‍රහයා සඳහා වසර 7ක්ද ලෙස මුළු දසා කාල ප‍්‍රමාණය වසර 120කට ගණනය කර ඇත. මෙසේ විවිධ කාලවකවානුවල එක් ජන්මියකුට සුවදායක කාලවකවානුවක් වූ නමුදු තවත් අයකුට අසහනකාරී පීඩාකාරී කාලවකවානුවක් විය හැක. මෙසේ වන්නේ ජන්මියන් එක් එක් භවයන් තුළ රැුස්කරගත් කුසල අකුසල කර්මයන් මත වේ.

ග‍්‍රහයන් නවදෙනාගේ එක් එක් දසා කාලවලදී විවිධ රෝගාබාද ඇති වන්නේ ඒ එක් එක් ග‍්‍රහයන් ජන්මියාගේ උප්පත්ති වේලාවේදී රෝග ඇති කරනා භාව හා සමග සම්බන්ධ වී සිටීමෙනි. යම් ග‍්‍රහයකු ජන්මියාගේ ලග්නභාවය හා සමග රෝග ඇතිකරනා භාව සම්බන්ධවීමෙන් අදාළ ග‍්‍රහයාගේ දශාකාල ආරම්භයත් සමග ග‍්‍රහයාගේ කාරකත්ව ස්වභාවය මත රෝගාබාධ මතු වීමට පටන් ගනී. රෝගකාරක භාවය වන හය වන භාවය හා ලග්නභාවය සම්බන්ධ වීමෙන් රෝග ඇති වන  බවත් මෙය සමග දොළොස්වන භාවය සමග සම්බන්ධ වීමෙන් රෝහල්ගත වී ප‍්‍රතිකාර ගැනීමට සිදුවන බවත් අටවන භාව සම්බන්ධ වීමෙන් රෝගය උත්සන්න වන බවත් නිර්ණය කළ හැකි වේ. මේ අනුව එක් එක් ග‍්‍රහයන්ගේ දසා කාලවකවානුවල නිවේදනය කරන රෝග පීඩාවන් ගැන අවබෝධයක් ලබා ගනිමු.

රවි මහ දසාවේ ඇති කරන රෝග පීඩා

රවි ග‍්‍රහයා උෂ්ණාධික ග‍්‍රහයෙකි. මෙම නිසා රවිගේ දසා කාලවලදී හිසරදය හිස බර ගතිය ඇස් රෝග හිස කැරකිල්ල ගතිය හෘදය ආශි‍්‍රත රෝග ශරීරයේ දැවිලි රෝග කෑම අරුචිය වැනි රෝග තත්ත්වයන් ඇති වේ.

ස`දු මහ දසාවේ ඇති කරන රෝග පීඩා
ස`දු ග‍්‍රහයා රවි මෙන් උෂ්ණ ග‍්‍රහයෙක් නොවන අතර සඳු ජලගුණයෙන් යුක්ත ශීත ග‍්‍රහයෙකි. මෙම සීත අධික ස්වභාවය මත ජන්මියා හට ශීත අධික රෝග පීඩා ඇති කරයි. පීනස් රෝග ඇදුම පපුවේ මහන්සිය නිතර නිදිමත ගතිය නහය බර ගතිය වැනි රෝග ඇති කරයි.

කුජ මහ දසාවේ ඇති කරන රෝග පීඩා
කුජ ග‍්‍රහයාද උෂ්ණ අධික ග‍්‍රහයෙකි. කුජ රවිට වඩා උෂ්ණ අධික වේග ශරීර උෂ්ණ රෝග යටි බඬේ උෂ්ණ අධික තත්ත්වයන් අර්ශස් නිතර නිතර ආවේගශීලි වීම ශරීර ලේ ධාතුවේ අපිරිසිදු වීම් නිසා හට ගන්නා රෝග.

ගුරු මහ දසාවේ ඇති කරන රෝග පීඩා
ගුරු දසා කාලවල ජන්මියා තෙල් සහිත ආහාර පැණි රස ආහාර වැඩියෙන් ගැනීමට රුචියක් දක්වයි. මෙම නිසා කොලෙස්ටරොල්, දියවැඩියාව, අක්මාව ආශි‍්‍රත රෝග, පිළිකා ෙසෙල වර්ධනය වැනි රෝග ඇති කරයි.

බුධ මහ දසාවේ ඇති කරන රෝග පීඩා
බුධ දසා කාලවලදී වා පිත් සෙම් යන තුන්දොස්ම කෝප වීම හරහා රෝග වැළ`දීම සිදුවේ. ශරීරයේ සමේ රෝග ඇ`ගපත ඉදිමීම්, දණ හිස් ආබාධ, බඩවැල් ආශි‍්‍රත රෝග, නහර සම්බන්ධ රෝග ශරීරයේ හට ගන්නා කුඩා ගෙඩි වර්ග වැනි රෝග ඇති කරයි.

සිකුරු මහ දසාවේ ඇති කරන රෝග පීඩා
සිකුරු දසා කාලවලදී ජන්මියා හට ඇස් රෝග, සමේ රෝග, සෙම් රෝග, ශරීර ඉදිමීම් තත්ත්ව, පීනස් තත්ත්ව නිසා හිසකෙස් සුදුපැහැ ගැනීමේ රෝග ඇති කරයි.

ශනි මහ දසාවේ ඇති කරන රෝග පීඩා
ශනි ග‍්‍රහයා පීඩා ගෙන දෙන ග‍්‍රහයෙක් සේ සැලකෙයි. ශනි ග‍්‍රහයා රෝගස්ථානයන්ට ජන්ම කේන්දර සටහනේ සම්බන්ධ වේ නම් අතපය කොරවීමේ රෝග, සම දුර්වර්ණ වීමේ රෝග අංගවිකලභාවය කල් පවතින උදරාබාධ වැනි රෝග තත්වයන් ශනි ග‍්‍රහයාගේ දසා කාලවලදී ඇති කරයි.kalum

රාහු මහ දසාවේ ඇති කරන රෝග පීඩා
රාහු දසා කාලවලදීද තුන්දොස් කිපීමෙන් ඇති කරනා රෝග තත්ත්වයන්ගෙන් ජන්මියා පිඩාවට ලක් කරයි. රාහු ජන්මපත‍්‍රයේ සිටිනා රාශි අධිපතිගෙන් නිවේදනය වන රෝග ද රාහු දසා කාලවලදී ඇති කරයි. ඇස් රෝග සමේ හටගන්නා දද වැනි තත්ත්වයන් ඇති කෙරෙයි.

කේතු මහ දසාවේ ඇති කරන රෝග පීඩා
කේතු දසා කාලවලදීද කේතු සිටිනා රාශි අධිපතිගෙන් නිවේදනය කරනා රෝග ද ඇති කරයි. වරින් වර මතුවන බඬේ රෝග, හොරි දද කුෂ්ට රෝග, පාදවල ආබාධ හිස කැක්කුම් වැනි රෝග ඇති කරයි.

තවද මෙම දසා ග‍්‍රහයන්ගේ නැකැත් උපස්ථානවල සිටිනා ග‍්‍රහයන්ගේ ස්වභාවය සමග රෝග තත්ත්වය පැතිර යන ආකාරය හා ඉස්මතු වන ආකාරය විවිධ වේ. එනම් ජන්මියකුට සෙම් බහුල තත්වයක් නිසා රෝග වෙනවා සේම තවත් ජන්මියකුට සෙම ගල් වීම නිසා රෝගී විය හැක.