දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකාව අතර ඊයේ රාත‍්‍රි අවසන් වූ විස්සයි20 තරගයෙන් පසු අකිල ධනංජය ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබේ.

ඔහු එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප‍්‍රසාද ලකුණු 600ක් ලබාගනිමින් 20 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ සුරංග ලක්මාල් ද අභිබවමිනි.

සුරංග ලක්මාල් 28 වැනි ස්ථානයේ පසුවන අතර මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළවෙනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවේ ජස්පි‍්‍රට් බුම්රා ය.

24 හැවිරිදි අකිල ධනංජය මේ වනවිට එක්දින තරග 24කදී කඩුලු 35ක් බි`දදැමීමට සමත්ව තිබේ.

ඔහුගේ හො`දම පන්දු යැවීම ඉකුත් දකුණු අප‍්‍රිකානු එක්දින තරගයේදී වාර්තා වූ අතර ලකුණු 29කට කඩුලු 6ක් ලබැගැනීමට ඔහු සමත්විය.

ඉකුත් වසර තුළදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නකු මෙම ශ්‍රේණිගත කිරීමේ විසිවන ස්ථානයට පැමිණියේ වසරකට පසුවයි.

භක්ති මෙන්ඩිස්