‘ද නේෂන්’ ඉංග‍්‍රීසි පුවත්පතේ හිටපු සම-කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

එ් අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අනිද්දා (17) පෙරවරු 10ට රහස් පොලිස් නිලධාරීන් විසින් ප‍්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

කීත් නොයාර් මහතා පැහැරගැනුණු අවස්ථාවේදී එවකට හිටපු ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට විවිධ පාර්ශ්වවලින් ලැබුණු දුරකතන ඇමතුම් සහ ඉන්පසුව කීත් නොයාර් මහතා නිදහස් වනතෙක් ඔහු විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය ගැනීමට රහස් පොලීසිය අපේක්ෂා කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට යොමුකළ ලිඛිත ඉල්ලීමක් පරිදි අනිද්දා දිනයේ ප‍්‍රකාශ ලබාගැනීමට නියමිතය.

ගයාන් කුමාර වීරසිංහ