රිවිර වෙතින් උපුටා ගත් බව පවසමින් ව්‍යාජ පුවතක් පළකරන ලද වෙබ් අඩවියට එරෙහිව හෙට දිනයේ වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ‘රිවිර’ට ප‍්‍රකාශ කළේය.

ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ගුරුවරු සහ සමාජය නොමඟ යවන ආකාරයෙන් පළ කර තිබූ එම ප‍්‍රවෘත්තියට වටිනාකමක් ලබාගැනීමට එය රිවිර වෙතින් උපුටා ගැනීමක් ලෙස ව්‍යාජව දැක්වීමට ඔවුන් කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශය මට්ටමෙන් මේ වනවිට කළ සොයා බැලීමේදී අදාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවී ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග රිවිරට හෙළි කළේය.

ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල නම් යොදා ගනිමින් මෙසේ වෙබ් අඩවි හා සමාජ ජාලවල වැරදි පුවත් මවන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරවීම වෙනුවෙන් ද හෙට දිනයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් ය.

මීට අදාළ පෙර පුවත මෙතැනින්