තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැති අය රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා එම් සිල්වා මහත්මිය රහස් පොලීසියට අද අවසර ලබාදුන්නාය.

2009 වසරේදී කොළඹදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ අදාළ සැකකරු ඊයේ දහවල් ලෝටස් පාර ප‍්‍රදේශයේදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අදාළ සැකකරු හෙට දින කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය රහස් පොලීසියට නියම කළාය.

ඉෂාර රත්නකාර