මාතර නගරයේ සිදුවූ රන් ආභරණ වෙළෙඳසැල කොල්ලකෑ පාතාල සාමාජිකයන් සතුව තිබී හමුවූ මිනිඌෂි වර්ගයේ යැයි කියනු ලබන ගිනිඅවිය, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීම සඳහා දේශපාලනඥයකු විසින් පාතාල කල්ලියකට ලබාදුන් ගිනිඅවිය බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

එ් බව සොයාබැලීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

මහනුවර ප‍්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක් සම්බන්ධයෙන් අදාළ දේශපාලනඥයා සහ මාලගමුව මහතා අතර ඇතිවූ ආරවුලක් මත එම ඝාතන සැලසුම කි‍්‍රයාත්මක වී ඇත්දැයි මෙහිදී සොයාබැලෙන බව හෙතෙම සඳහන් කරයි.

එම දේශපාලනඥයා විසින් ලබාදුන්නේ යැයි කියන ගිනිඅවිය පාතාලයේ කොස්ගොඩ තාරක නමැත්තා සතුව තිබී පොලිසියට හමුවිය.

මේ පිළිබඳ ඩිලන්ත මාලගමුව මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එ් අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.