නීති විරෝධීව වල්ලාපට්ටා තොගයක් තායිලන්තයට ගෙනයෑමට තැත් කළ පුද්ගලයෙක් රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් පන්ලක්ෂ හැත්තෑ පන්දහසකට අධිකය.

24 හැවිරිදි සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග‍්‍රෑම් 7.4 සහ කොකුම් පොතු කිලෝග‍්‍රෑම් 17.4 ක් සොයා ගැනීමට හැකි වී ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප‍්‍රකාශ කළේය.

මෙම වල්ලපට්ටා සහ කොකුම් පොතු තොගය රාජසන්තක කර ඇති බවත් සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් පනවා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

IMG-20180814-WA0000