• සිලෙක්ෂන් කරන්න කෙල්ලො රොත්තක්
  • මාව ගන්නකො නොකියා කියන ඉඟි බිඟි
  • කුරුණෑගලින් ආපු වර්ෂා-ඇඹිලිපිටියෙ මධූ

රජයේ සහ පෞද්ගලික රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට අමතරව එහි වැඩිපුරම සිටින්නේ හෙදියන් යැයි කිව හැක්කේ මෙරට සෞඛ්‍ය සේවාව තුළ හෙද සේවාව ඒ තරමටම ව්‍යාප්ත වී තිබෙන නිසාය.
‘රිවිර මාධ්‍යවේදියාගේ සජීවී අත්දැකීම’ විශේෂාංගය තුළින් ඔබ වෙත අප මෙවර රැගෙන එන්නේ හෙදියන් අඳින ඇඳුමට සමාන ‘නර්ස් කිට්’ එකක් යැයි හැඟෙන ඇඳුම් හැඳගෙන රැකියාවක නිරත වී සිටින සුරූපී තරුණියන් පිරිසක් පිළිබඳවය.

එනම් කොළඹ නගරයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාසවල සේවය කරන තරුණියන් හෙවත් ‘ස්පාවල නර්ස් ඇඳුම් ඇඳගෙන ඇඟ විකුණන ගමේ කෙල්ලන්’ සොයා රිවිර ගිය ගමනේ සජීවී අත්දැකීම මෙසේ ඔබ වෙත සටහන් කරමි.

ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන, ආයුර්වේද ස්පා නමින් පවත්වාගෙන යන කොළඹ නගරයේ පිහිටි ස්ථාන 20ක පමණ මෙවැනි නර්ස් කිට් ගසා සේවයේ නිරත තරුණියන් සිටින බව අප කළ සංචාරයේදී දැනගත හැකි විය.
කොළඹ, නාවල ප්‍රදේශයේ පිහිටි එවන් එක් ආයතනයක් තුළට අප පිවිසියේ එහි සත්‍ය තත්ත්වය දැන ගැනීමටය. එම ස්පා ආයතනය තුළට පිවිසෙනවාත් සමගම එහි දකුණුපසට වන්නට පුටුවක හිඳගෙන සිටි කැෂියර්… එන්න සර් කියා පිළිගත්තේය.

ඇ‍පොයිමන්ට් එකක් දාලද ආවේ සර්?
නැහැ යැයි මා පැවසීය.
එහෙනම් සිලෙක්ෂන් බලමු යැයි කී කැෂියර් එකවරම මේසය මත තිබූ සීනුවක් නාද කළේය.
එලෙස සීනුව නාද කරනුයේ ඇතුළත සිටින කෙල්ලන්ට කස්ටමර් කෙනකු ඇවිත් බව දැනගැනීමටත්, සිලෙක්ෂන් සඳහා සූදානම් වීමටත් බව පසුව මා හට දැනගත හැකි විය.
එන්න සර් ඇතුළට කියූ කැෂියර් මා ඇතුළත පිහිටි කාමරයක් වෙත රැගෙන ගියේය.
කාමරය තුළට දෑස් යොමු කළ මා එකවරම තිගැස්සී ගියේ එය තුළ තරුණියන් 15 දෙනකු පමණ එක ‍පොදියට මෙන් සිටි නිසාවෙනි. සුදු පැහැති නර්ස් කිට්වලින් සැරසී සිටි සියලු දෙනා මා දෙස බලමින් තමා තෝරාගන්නා ලෙස ඉල්ලන්නා සේ ඉඟි බිඟි පෑහ.

සියලුම තරුණියන්ගේ නර්ස් කිට් සකස් වී තිබුණේ අඩ නිරුවත් ආකාරයෙනි. නර්ස් කිට් එකට අමතරව එම සුරූපී තරුණියන් ඇඟලා සිටියේ යට ඇඳුම් පමණක් බව නම් කිව යුතුය.
සර් කවුද සිලෙක්ට් කරන්නේ? නිහඬතාව බිඳිමින් කැෂියර්වරයා මගෙන් විමසීය.
මගේ නෙත් පිනවූ සුරූපී තරුණියක් තෝරා ගැනීමට මා හට සිතුණද, මෙවැනි ස්පා ආයතනවල සිදුවන ක්‍රියා දැන ගැනීමේ අටියෙන් කල් මැරීමට අවසානයේදී තීරණය කළෙමි.
තව ‍පොඩ්ඩක් බලමු.
එහෙනම් සර් වාඩිවෙලා ඉන්න.
ස්පා ආයතනය වෙත පැමිණෙන කස්ටර්මස්ලාට හිඳ ගැනීමට වෙන්කර තිබෙන ස්ථානයේ හිඳ ගනිමින් කැෂියර් ඇමතූ මා… දැන් කීදෙනෙක් බිසීද?
ළමයි පස්දෙනෙක් බිසී.
ස්පා ආයතනවල සේවය කරන තරුණියන්ව එහි කැෂියර්ලා හෝ හිමිකරුවන් අමතන්නේ ‘ළමයි’ කියාය.
අලුතින් කට්ටිය ආවද?
ඔව් සර්, දෙන්නෙක් ආවා. ඒ දෙන්න නම් දැන් බිසී.
කවුද දන්නේ නෑ…?
එක්කෙනෙක් කුරුණෑගල ඉඳලා ආවේ. එයාගෙ නම වර්ෂා. අනෙක් ළමයා නම් ‍පොඩි කෙල්ලෙක් මධූ කියලා ඇඹිලිපිටිය පැත්තේ. ඒ කෙල්ල නම් පව්. ගෙදරින් කරදරයි කියලා කොළඹට ආපු ගමන් තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ.
සේරම නර්ස් කිට් එක ගහලද ඉන්නේ?
ඔව්, සර්. කෙල්ලො ටික නර්ස් කිට් ඇන්දහම හරි පෙනුමයි. කස්ටර්මස්ලාත් හරි කැමැතියි කෙල්ලො නර්ස් කිට් එක ඇඳන් ඉන්නවට.
මෙහෙ විතරද තියෙන්නේ?
ළඟදි හොටෙල් එකක් ළඟ ඇරපු බ්‍රාන්ච් එකක් (මධ්‍යස්ථාන) එක්ක, බ්‍රාන්ච් 12ක් තියෙනවා.
ඒවායේ ඉන්න කෙල්ලොත් නර්ස් කිට් ඇඳගෙනද ඉන්නේ?
ඔව්, සර්. කෙල්ලො එහෙම ඇන්දහම ඉල්ලුම වැඩියි.
තුවායක් අතින් ගත් නර්ස් ඇඳුමින් සැරසුණු පිරිපුන් තරුණියක් මා ඉදිරිපිටින් එකවරම ගමන් කළාය.
එයා කවුද?
ඒ ගර්ල් තමයි අලුතින් ආපු වර්ෂා. එයා වැඩේ ඉක්මනට ඉවර කරලා.
ඒ කිව්වේ?
ෆුල් බොඩි මසාජ් එකට මෙහෙ ගන්නේ පැයට රුපියල් 1000යි. නමුත් ගොඩක් කස්ටමර්ස්ලා පැයම ඉන්නෙ නෑ. ගොඩක් අය විනාඩි 20න් 30න් එළියට එනවා. ගොඩක් අය ගන්නේ ෆීලින්ග් මසාජ් නේ. එතකොට වැඩේ ඉක්මනට ඉවර වෙනවනේ.
කාලය සෙමින් සෙමින් ගතවිය. මෙම ස්පා ආයතනයේ ප්‍රතිකාර කරනු ලබන්නේ පූර්ණ වෛද්‍ය නිර්දේශය මත බව පමණක් යැයි සඳහන් පුවරු සවිකර තිබුණද වෛද්‍යවරයකු නම් පෙනෙන්නට සිටියේ නැත.
ඩොක්ටර් ඉන්නවාද?
ඔව් සර්.
කෝ..?
ආ.. සර්. ඩොක්ටර් ‍පොඩ්ඩකට එළියට ගියා. තව ටිකකින් එයි කැෂියර්ගේ පිළිතුර එය විය.
සාමාන්‍යයෙන් බොහෝ ස්පා ආයතනවල ලැබෙන පිළිතුර ඒ හා සමානය. බහුතරයක් ස්පා ආයතනවල වෛද්‍යවරයකු නොමැති අතර, ඒවා තුළ සැබැවින්ම සිදු කරනුයේ ආයුර්වේද ප්‍රතිකාරද? නැතිනම් වෙනත් දෙයක්ද? යන්න පිළිබඳව බලධාරීන් සොයා බැලිය යුතු කරුණකි.
සර්, කවුද ගන්නේ?
අලුතින් ආපු ගර්ල් මම පැවසීමි.
හරි, සර්. එහෙනම් තව ‍පොඩ්ඩක් වෙලා ඉන්න වෙනවා.
කමක් නෑ යැයි මා පවසනවාත් සමගම මාගේ ඉදිරිපිටින් වයස අවුරුදු 20ක පමණ පෙනුමැති සිහින් සිරුරැති නර්ස් ඇඳුමින් සැරසුණු සුරූපී යුවතියක් බිම බලාගෙන ඇතුළත කාමරයක් වෙත ගමන් කළාය.
අන්න සර්. ඒ ළමයා තමයි කැෂියර් මා හට පැවසීය.
මධූ එන්න. මේ සර් උඩ කාමරේට අරන් යන්න කැෂියර් හඬ නගා පැවසීය.
එන්න සර් කියා මා අසලට පැමිණි සුන්දර යුවතිය, යමු උඩට කියමින් දෙවැනි තට්ටුවේ පිහිටි වායුසමනය කරන ලද කාමරයකට මා රැගෙන ගියාය…

ලොකු ලොකු හෝටල්වල ස්පා නමින් සිදුකරන ගණිකා ජාවාරම ලබන සතියේ…

ඉෂාර රත්නකාර