“කොටි ත්‍රස්තවාදයෙන් රට බේරලා දුන්න මගේ මහත්තයා ඇත්තටම හීරෝ කෙනෙක්. අවුරුදු 11ක් බුද්ධි රාජකාරි කරලා එයා ඇත්තටම දක්ෂයෙක් නිසා තමයි කැප්ටන් කාලෙදීම යාපනයේ ප්‍රධාන බුද්ධි නිලධාරී බවට පත්කළෙත්. කර්නල් මුතාලිෆ්ව එල්ටීටීඊය මැරුවට පස්සේ රාජමන්ත්‍රීටත් ප්‍රභාකරන් ෆයිල් එකක් ඇරලා තියෙනවා කියලා බුද්ධි අංශ අනතුරු ඇඟෙව්වා” යැයි මරණ දඬුවම නියම වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී මහතාගේ බිරිඳ පවසයි.

ඔහුට හා එම බළකායේ කෝප‍්‍රල් රාජකරුණා යන අයට ත්‍රිකුණාමලය අධිකරණයෙන් පෙරේදා මරණීය දණ්ඩනය නියම කර තිබේ.

1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි බළකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අසනීප තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වීම සම්බන්ධව පැවැති නඩු විභාගයෙන් පසුව මෙම තීන්දුව ලබාදී තිබුණි.

ඒ මහතාගේ දරුවාගේ උපන් දිනය අදට යෙදී තිබූ අතර එම දරුවා පියා කේක් රැගෙන එනතුරු හඬමින් බලා සිටිනා බවට අප වෙත දැනගන්නට ලැබීම සංවේදී කරුණක් විය.

මේ පිළිබඳ සම්පූර්ණ ලිපියක් ඉරිදා රිවිර පුවත්පත ඔස්සේ බලාපොරොත්තුවන්න.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

IMG-20180810-WA0003