අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ආරක්ෂකයකු බවට පසුගියදා පාර්ලිමේන්තුවේ දී චෝදනා එල්ල වූ පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල නොහොත් ‘මල්වත්තේ මංජු’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 840 ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, අන් අයගේ විදේශ ගමන් බලපත්‍ර 5 ක්, රියදුරු ගමන් බලපත්‍ර 2 ක් සහ ජාතික හැදුනුම්පත් 37 ක් ඇතුළු ආයුධ කිහිපයක් ඔවුන් සිය භාරයට ගෙන ඇත.

44 හැවිරිදි සැකකරු මීට පෙර ද පෑලියගොඩ ප‍්‍රදේශයේ සිදුවූ පිහිඇනුමක්, අවස්ථා දෙකකදී මත්කුඩු සන්තකයේ තබාගැනීම් දෙකක්, වාහන සොරාගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකි.

එමෙන්ම සැකකරු පාතාල කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුණු අයෙකි.

manju manju 1