යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ඔපරේෂන් ඩබල් එ්ජ්මෙ හෙයුමට සම්බන්ධ වූ බුද්ධි අංශ කෝප‍්‍රල්වරයකු වන එන්.උළුගෙදර ඊයේ පස්වරුවේ රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් මගින් මෙම බුද්ධි අංශ කෝප‍්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

වසර 14ක් හමුදා බුද්ධි අංශයේ සේවය කර ඇති මෙකී කෝප‍්‍රල්වරයා ඔපරේෂන් ඩබල් එ්ජ් මෙහෙයුම හා නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් පිලේ කණ්ඩායම් සමඟ එල්ටීටීඊයට එරෙහි බුද්ධි මෙහෙයුම්වලට දායක වූ අයෙකි.

ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධ විමර්ශන කරන නිලධාරීන් මොහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණේ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ දිනවල ගිරිතලේ සිට මොහු කොළඹ රාජකාරි සඳහා නිතර පැමිණ ඇතැයි අනාවරණය වීම නිසාය.

පළමු වතාවේ අත්අඩංගුවට ගෙන මුදාහැරීමෙන් පසුව මෙම බුද්ධි අංශ කෝප‍්‍රල්වරයා රහස් පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ද කර ඇත.