කොට්ටාව, සුහද පෙදෙස සිරිමල්වත්ත ප‍්‍රදේශයේදී දියණියගේ පෙම්වතාගේ පිහි පහරින් කාන්තාවක කපා කොටා ඝාතනය කර තිබේ.

අද අලූයම 4ට පමණ පෙම්වතිය ද තුවාල කොට පෙම්වතා ප‍්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලීසිය පැවැසීය.

මියගොස් ඇත්තේ 55 හැවිරිදි ශි‍්‍රයානි කොඩිකාර නමැති කාන්තාවකි.

තුවාල ලැබූ දියණිය හෝමාගම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

මොවුන් එම නිවසේ කුලී පදනම පදිංචිව සිටි අය බව කියැවේ.