අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් පැහැර හැර අධිකරණයට අපහාස කරන ලදැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණය උතුරු පළාත් මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු තිදෙනකුට අද නොතීසි නිකුත් කළේය.

උතුරු මැද පළාත් සභාවේ ධීවර හා ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයක් කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය එම නියෝගය ලබාදී තිබේ.

පී.ඩෙනීෂ්වරන් මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලූ අභියාචනාධිකරණය අදාළ තනතුරේ පිහිටුවන ලෙස ලබාදුන් නියෝගයක් වගඋත්තරකාර සීවී විග්නේෂ්වරන් ඇතුළු තිදෙනකු විසින් කි‍්‍රයාවට නංවා නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.

ඉෂාර රත්නකාර