ආණ්ඩුව පුරවැසියාගේ දුරකතන ඇමතුම්වලට හොරෙන් සවන්දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එ්කාබද්ධ විපක්ෂයේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

”රිවිරේ සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරාගේ ෆෝන් එක ටැප් කරන්න නම් කරලා දීලා තියෙනවා. තවත් පුවත්පත් ගණනාවක වගේම පොලිස් නිලධාරීන්ගෙත්  ටැප් කරන්න කියලා පොලීසිය උපදෙස් දීලා.” යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.