අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ මහෝහර ද සිල්වා මහතා අභියාචනාධිකරණය වෙත අද දන්වා සිටියේ ය.

තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන එම අභියාචනයේ තීරනයක් ලැබෙන තුරු ඥනසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යන ලෙසට කර ඇති නියෝගය අතිහුට්වන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම පිළිගත නොහැකි බව සඳහන් කළ අභියාචනාධිකරණය එය ප‍්‍රතික්ෂේප කළේය.

අදාළ අභියාචනාධිකරණය සම්බන්ධයෙන් ලබන 29 වැනිදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නේ ය.

ඉෂාර රත්නකාර